ලෝකෙ වටේ පයින් ගිය කාන්තාව

2021-06-07




ඇය ඇන්ජෙලා මැක්සවෙල්.  ඇය ලෝකය පුරා මහද්වීප හතරක්  ඔස්සේ පයින් ඇවිද ගියා.ඇය මේ ගමන යන්න තීරණය කරන්නේ 2013 දී. ලෝකය පුරා ඇවිද ගිය මිනිසකු ගැන කථාවක් ඇය තමන්ගේ චිත්‍ර පන්තියේදී අහලා මාස 9කට පස්සේ ඇය  මේ ගමන පිටත්වෙන්න තීරණය කරනවා.  ඇය මේ ගමන යන්නේ කළකිරීමක් නිසා හරි ජීවිතය එපාවීමක් නිසා නෙවෙයි. අවුරුදු 30 දි විතර ඇය මේ ගමන පිටත් වෙනකොට ඇය සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් හිටියා. 

"මම හිතුවා මේ ජීවිත කාලෙ ලෝකය නොදැක මැරිලා යන එක මොන තරම් අපරාධයක්ද කියලා." ඇය කියන්නේ එහෙම. 


ඇය  ලෝකය වටා ඇවිද යාමට තීරණය කරලා ඇය සතුව තිබූ සියළු ව්‍යාපාර විකුණා දැම්මා. අන්තිමට ඇයට අවශ්‍ය දේවල් ටිකක් විතරක් අත් කරත්තයක දාගත්තා. කඳවුරු උපකරණ, වියළි ආහාර, සෘතු 4ටම ගැලපෙන ඇඳුම්, සහ අනිකුත් අවශ්‍ය දෑ ඇය අත් කරත්තයේ අසුරා ගත්තා. 2014 මැයි පලමුවෙනිදා තම පෙම්වතා එක්ක ඔවුන්ගේ සබඳතාවයේ හතරවන සංවත්සරය සැමරුවා.  2014 මැයි දෙවෙනිදා ඇය තම උපන් නගරයේ තම පෙම්වතාගේ ගෙදර ළඟින් ඇය ගමන පටන් ගත්තා. ඇය දිගටම ගියා. රාත්‍රිය ගත කලේ තමන්ගේ කරත්තයේ තිබුන කූඩාරමේ. ආහාර පාන අවශ්‍ය දේවල් ඇැය විසින්ම හදාත්තා. ඇය දිගින් දිගටම ඇවිද්දා.  ඇන්ජෙලාගේ ගමන නවත්වන්න කාටවත්  මොකකටවත් බැරිවුනා. ඔස්ට්‍රේලියානු කාන්තාර වලදී ඇය සම පිච්චීමේ රෝගයටගොදුරු වුනා. වියට්නාමයේදී ඩෙංගු රෝගයට ගොදුරු වුනා.  මොන්ගෝලියාවේදී ඇයගේ කූඩාරමට කඩා වැදුනු පුද්ගලයෙක් ඇයට පහර දී දූෂණය කළා. තුර්කියේ වෙඩි හඩ මැද ඇය කූඩාරමේ  නිදි වර්ජිතව ගතකළා. ඒ්ත් ඇය නවත්වන්න ඒ් කිසිවකට බැරිවුනා. ඇය විවිධ සංස්කෘතික පරාස මතින් ඇවිද ගියා. ඉතාලියේ ට්‍රයිහෙනින් මුහුද,  ජෝජියාව, නවසීලන්තය, මොන්ගොලියාව මේ හැම තැනකම ඇය ඇවිද ගියා.  

"මේ ගමන ගියේ බය නැතුව නෙවෙයි. මට ඔ්න වුනේ  බය නැති බව පෙන්වන්න. " ඇන්ජෙලා කියනවා. 
අවුරුදු හය හමාරක් ඇවිදලා 2020 දෙසැම්බර් 16 වෙනිදා ඇය පටං ගත්තු තැනින් ඒ් කියන්නේ ඇයගේ පෙම්වතාගේ නිවස ළඟින් ගමන අවසන් කළා. ඒ් වෙනකොට ඇය මහද්වීප හතරක, රටවල් 13 ක කිලෝමීටර් 12000ක දුරක් ඇවිදලා තියෙනවා. මේ දවස්වල ඇය තමන්ගේ සංචාරයේ අත්දැකීම් පොතකට ලියන්න හදනවා. 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy