CASUARINA BEACH


යාපනය කියන්නේ හරිම සුන්දර තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. හැබැයි කියන්න තියෙන කණගාටුදායක දේ තමයි යාපනයේ යන ගොඩාක් දෙනෙකුට සමහර තැන මඟහැරෙන එක. ඒ කියන්නේ තියෙන කාලයත් එක්ක ළග තියෙන ඒවා බලනවා මිසක් ටිකක් ඈතට යන්න වෙලාවක් එන්නේ නෑ.

මේ කොහොම වුනත් “කැෂුවරිනා වෙරළ“ කියන්නේ මඟහරින්නම හොඳ නැති තැනක්. මොකද මේක ලංකාවේ හොඳම මුහුදු වෙරළ වලින් එකක්.

“කැෂුවරිනා වෙරළ“ තියෙන්නේ කරෙයිනගර් දුපතේ. ඒ කියන්නේ යාපනයේ නගරයේ ඉඳලා යනවා නම් කිලෝමීටර් 27 ක් විතර යන්න ඕන. යාපනයේ ඉඳලා කරෙයිනගර් යන බස් එකක් යනවා නම් ඒකට පැයක් විතර යයි.වාහනයකින් ගියොත් විනාඩි 35 කින් වගේ යන්න පුළුවන් මෙතන්ට.

මේකට කියන්නේ කැෂුවරිනා වෙරළ කියලා. ඒ නම වැටිලා තියෙන්නේ මේ වෙරළේ තියෙන කැෂුවරිනා ගස් නිසා. කැෂුවරිනා කියන්නේ ලංකාවට ආවේණික ගස් වර්ගයක් නෙවෙයි. මේක ෆයිනස් කුලයේ ශාඛයක්. ඔස්ට්‍රේලියාව ආශ්‍රිත කලාපයේ රටවල තමයි බහුලවම වැවෙන්නේ. ලංකාවේ වෙන වෙරල තීර වල දකින්න ලැබෙන පොල්ගස්, සහ අනිකුත් ගස් වර්ග වෙනුවට මේ වෙරළ තීරයේ දකින්න ලැබෙන්නේ මේ කියන කැෂුවරිනා ගස්. මේ ගස් වෙන් වෙරළ තීර වලදී දකින්න නැතිකම තමයි විශේෂත්වය.සුදු වැලිතලාව, නිල්පාට මුහුද සහ කැෂුවරිනා ගස් අමුතුම චමත්කාරයක් මවන්නේ මේ වෙරළ තීරයට. ඒ වගේම රළ නැගෙන්නේ නැති මේ මුහුදේ බොහෝ දුරක් ඈතට ඇවිදගෙන යන්න පුළුවන්. ගැඹුරු නෑ. මේ නිසා මෙතන නාන්න කියාපු තැනක්. නොගැඹුරු මුහුද නිසා ආරක්ෂාකාරීව නාන්න පුළුවන්. පීනන්න නම් වතුර මදි. එහෙම පීනන්න ඔනේ නම් බෝට්ටුවක් කුලියට අරං ටික දුරක් මුහුදේ යන්න ඕන.

අනිත් විශේෂම දේ තමයි මේ වෙරළේ මත්පැන් පානය කරන්න තහනම්. උදේ 7.30 ඉදලා රෑ 8. වගේ වෙනකල් මේ වෙරලේ ගත කරන්න පුළුවන්.නාලා කාල එන්න නියම තැනක්. කැෂුවරිනා ගහක් යට හෙවණට ඉඳලා විවෙකය විඳින්න නියම තැනක්. මොකද රැල්ල ගහන්නේ නැති නිසා මේ වෙරලේ ඉන්නකොට ඇඟට අපහසුවක් දැනෙන්නේ නැති තරම්.හැබැයි කෑම බීම ගනිද්දි සැලකිලිමත් වෙන්න අවට වටපිටාව අපවිත්‍ර නොකර ඒ කටයුතු කර ගන්න. මේ කැෂුවරිනා වෙරළ තියෙන තැන හරියටම මෙතනින් google map එකේ බලාගන්න.

යාපනේ ගිහින් නාගදීප , නල්ලූර්, පේදුරු තුඩුව, වගේ බලන තැන් අතරට කැෂුවරිනා වෙරළත් එකතු කර ගන්න අළුත් අත්දැකීමක් වෙයි.
 


Add Your Comment










     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy