SEETHA AMMAN KOVIL


සීතා දේවිය කියන්නේ අපි කවුරුත් නොදන්න කෙනෙක් නෙවෙයි.“රාම – සීතා “ කථාව නොදන්න කෙනෙක් නැති තරම්.කොහොම හරි මේ නුවරඑළිය ප්‍රදේශය ඔය රාමා සීතා කථාවට ගොඩාක් කිට්ටුයි. මේ බව තවත් තහවුරු වෙන කථාවක් තමයි මේ.

නුවරඑළිය බදුල්ල පාරේ යන අය මේ කෝවිල ඕන තරම් දැකලා තියෙනවා. ඒත් ඒ ගැන විස්තර දන්නේ නෑ. මේ තමයි සීතා අම්මාන් කෝවිල. මේක තියෙන්නේ සීතා එළියේ. ඒ කියන්නේ නුවරඑළිය බදුල්ල පාරේ කිලෝමීටර් 7ක් දුරින්.

රාමා සීතා කතාවේ හැටියට රාමා විසින් සීතාව හංගාගෙන ඉඳලා හිරු එළිය දකින්න අරං එන්නේ මෙතනට කියලා තමයි කියන්නේ. ඒ වගේම සීතාව හොයන්න ලංකාවට ආපු හනුමාට සීතාව දකින්න ගැබුනේ මෙතනදී කියලාත් කියනවා. ඒ ආපු හනුමාගේ පා සළකුණු කියලා විශ්වාස කරන අමුතු සළකුණූ කිහිපයකුත් මේ කෝවිල ආශ්‍රිත ගල් තලාවක දකින්න පුළුවන්.

ඉස්සර මෙතන කෝවිලක් තිබිලා නෑ. හැබැයි කාලෙක ඉදලා පොල් ගහන ඒවා, පුද පුජා මෙතන කෙරිලා තියෙනවා. පස්සේ ඒක කෝවිලක්  තරමටම දියුණු වෙලා. මෙතන තියෙන විශේෂත්වය මේකයි. මොකද සීතා දේවිය වෙනුවෙන් තියෙන ලෝකයේ එකම කෝවිල මේක.

සීතා ගුලි සහ සීතා කැට

“ රාවණා රජ්ජුරුවෝ සීතාව ගෙනැල්ලා සඟවාගෙන හිටියේ අශෝක උයනේ.  රාවණා සීතාට ගෙනාවේ සීතා කොටුවට. ඒ මහියංගනය කුරුලු බැද්ද ගම්මානය ආසන්නයේ. කොහොම හරි රාවණා අවසාන‍යේ සීතා දේවිය සඟවාගෙන හිටියේ හග්ගල කන්දේ. හග්ගල කන්දේ සඟවා සිටියදි සීතා ඇයට ආහාරයට ද දුන් අග්ගලා විසිකරනවා කේන්තියට. ඒ අග්ගලා තැන තැන වැටිලා පාෂණ භූතවෙලා. මේ අග්ගලා ගුලි  නුවරඑළියට විතරක් නෙවෙයි   වලපනේ, කොත්මලේ ආදී ප්‍රදේශවලට පවා විසි වුණා කියලා කියන්නේ., ඒවා පස් වලට එකතු වෙලා  කුඩා ගුලි වශයෙන් අද ද පොළව තුළින් මතුවෙනවාලු. , ඒවා තැලූ විට එකට ගුලි වී තද ව බත් ඇට කැඩී විසිරෙවා කියලාත් කියනවා. ගැමියන් මේවා ‘සීතා ගුලි’ හා ‘සීතා කැට’ යනුවෙන් නම් කරලා ගෙවල් වල තියාගෙන් ඉන්නවා. කාටහරි   උග්‍ර බඩේ අමාරුවක් වැලඳුන අවස්ථාවන්හි දී සීතා ගුලියක් ගලගා බොන්නට දීමෙන් එම අසනීපය වහා සුව  වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.

රාම නැති ශෝකයට සීතා දේවිය සීතා දේවිය වැලපුණ ස්ථානය ‘වලපනේ’ නමින් හැදින්වුනා කියලයි කියන්නේ.

සීතා හොයාගෙන එන  හනුමාන්, රාවණා රජුගේ දූතයන් අතට අහුවුණාම දඩුවම වෙන්නේ  හනුමාන්ගේ වලිගයේ පාන්කඩ ඔතා ඊට ගිනි  තියන එක.මේ දඩුවම දුන්නම හනුමාන් ඒ අවට  හැම තැනම උඩ පැන පැන පිනුම් ගහලා තියෙනවා.ඒ නිසා හනුමා ගිය ගිය තැන ගිනි අරං. මේ ගින්නෙන් එළි වුන ප්‍රදේශය පස්සේ  ‘නුවරඑළිය’ වුනා කියලත් කථාවක් තියෙනවා.  නුවරඑළිය ප්‍රදේශයේ කළු පස බෙහෙවින් දක්නට ලැබෙන්නේ මෙම ගින්නෙන් පොළාව පිච්චුන නිසා ලු.

දරුවන් නැති අය භාර වෙන තැනක්

මේ සීතා කෝවිල   ඇතුළත හරිම සීතලයි. අද වන විට විවාහ වී ළමයි නොමැති අය ඇවිත් තමන්ට දරුවන් ප්‍රාර්ථනා කරලා මේ කෝවිලට බාරහාර වෙනවා. ඒවාගේම විවාහ හරියන්නේ නැත්නම් ඒවාත් සාර්ථක වෙන්න කියලා මෙතැනට බාර වෙනවා.

“අපි අහලා තියෙන එක කතාවක් ‍තමයි සීතා දේවිය මෙහි සඟවා සිටියදි ඇය රාම රාම හමුවෙන්න කිය කියා මේ ඇළට මල් දානවලු. ඒ මල් දැමූ තැන සිට නොපෙනි ගිහිල්ලා ඊට මීටර් ගණනක් එහා දුරින් මතුවෙනවලු. ඊට පසු කාලීනව මෙතැනට ආපු බැතිමතුන් තමන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා මේ දිය පාරට රතු සුදු මල් දානවා. සුදුමල් මතු වුණොත් ප්‍රාර්ථනාව ඉටුවන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වුණත් අද වෙනකොට නම් මේ දිය පාරේ තියෙන ඒ උමං මාර්ගය වැහිලා ගිහිල්ලා. ඒ වුණාට සීතා ඇළ තවමත් එදා වගේම නොනැවතී ගලනවා.”

මේ ප්‍රදේශයේ අය විශ්වාස කරන දෙයක් තමයි නුවරඑළියට ඇවිත් කිසිම වැරැදි වැඩක් කරලා මේ කෝවිල පසුකරන් යන්න බැහැ දඬුවම් ලැබෙනවා කියලා. ගම්මානය අවට ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්නේ කෝවිලට ඇවිත් පුද පූජා පවත්වලා. .”

මේ තොරතුරුත් එක්ක ඊළග පාර නුවරඑළියේ ගියාම සීතා කෝවිලට ගිහිං එන්න අමතක කරන්න එපා.
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්

වළාකුළු වලට කිට්ටුවෙන් නවතින්න තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy