MADAVALAWATTA BUNGALOW @KITHULGALA


කිතුල්ගල කියන්නේ කොළඹ ඉඳලා පහසුවෙන්ම යන්න පුලුවන් ස්වභාවික පරිසරය උපරිමව  විඳින්න පුළුවන් තැනක්. එහෙ ගිහිල්ලා උපරිම නිදහසේ ඉන්න පුළුවන් ලස්සන තැනක් තමයි MadavalaWatta Estate කියන්නේ. මේ Estate එකේ තියෙනවා සියලු පහසුකම් තියෙන Bungalow එකක්. මේ  Bungalow එක ඔයාගේ ඊළඟ නිවාඩුව ගත කරන්න ගැලපෙනම නිදහස් තැනක්.

කොළඹ හැටන් මහා මාර්ගයේ කිතුල්ගල කලුගල හන්දියෙන් හැරිලා ලක්ෂපාන පාරේ කිලෝමීටර් දෙකක් විතර ඇතුළට ආවම මේ location එකට එන්න පුළුවන්. මේ Bungalow එක ගහකොළ පිරිච්ච ලස්සන නිදහස් තැනක තියෙන්නේ.   

කෙකෙල්ගමු ඔය  ගලාගෙන යන  නිම්නයේ කඳු බෑවුමක වටපිටාව ලස්සනට පේන විදිහට හදලා තියෙන මේ Bungalow එක ඒ් පරිසරය විඳින්න පුළුවන් විදිහට වෙනම විදිහකට හදලා තියෙන්නේ. 

මෙතන කාමර 3ක් තියෙනවා 8 දෙනෙකුට පහසුවෙන් නවතින්න පුළුවන්. මීට අමතරව උල්පත් වතුර පිරිච්ච swimming pool එකකුත් මෙතන තියෙනවා. ඒ් වගේම මේ  MadavalaWatta Estate එකට මායිම් වෙලා තියෙන කෙහෙල්ගමු ඔයේ ආරක්ෂිතව නාන්න පුළුවන් පුංචි දිය ඇල්ලක් වගේ ලස්සන තැනක්  ඒ් ළඟම තියෙනවා. මේ නිසා ඇති තරම් නිදහස විවේකය විඳින්න දේවල් මෙතන තියෙනවා. 

ඒ් විතරක් නෙවෙයි මේ MadavalaWatta Estate එකේ වැවෙන නැවුම්  කුරුඳු, කරඳමුංගු, ගම්මිරිස්, වැනිලා වගේ දේවල් පහසු මිලට එන අයට මිලදී ගන්නත් පුළුවන්.

ඇත්තටම ගහට කොළට ආදරේ කරන, පරිසරය එක්ක නිවාඩුව ගත කරන්න කැමති අයට මේක තමයි Ideal place එක. වෙනමම Professional cook කෙනෙක් මෙතන ඉන්නවා. ඔයාල උයන්න අවශ්‍ය දේවල් අරං ගියාම එයාට කියලා උයවා ගන්න පුලුවන්. ඒ් වගේම BBQ machine එකකුත් තියෙන නිසා කට්ටියට සෙට් වෙලා නිවාඩුව ගත කරන්න මෙතන තමයි තැන.
 
 අයකිරීම් මෙහෙමයි 

WEEKDAY (Sunday - Thursday) for 8 pax  26,400LKR
WEEKENDS & HOLYDAYS  (‌Friday - Saturday) for 8 pax 34,800LKR
FULL WEEKEND ( Two nights - Friday - Sunday) for 8 pax 58,800LKR

 

ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට


Add Your Comment





Hasintha Gayan 2021-11-25 11:36:32
?? ?????? ?? ???????? ??????.. ??? ???????? ??????? ??????... ??? ?? ?????? ????? ???? ???????? ??????? ??? ?????. ???????? ?? ?????? ???? ??? ???? ????. ???????? ???? 20km ??? ?????? ????... ?? ????????
P B. Herath 2021-12-11 13:10:19
Great

Recent Places

Popular exclusive listings in our directory


BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්

වළාකුළු වලට කිට්ටුවෙන් නවතින්න තැනක්


Make Online Inquiry




Location



Address

Madavala Estate
Kalugala - Pitawala

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com

Website

http://awidimu.lk/explore/detail/89





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy