THE ARK - MATHUGAMA


පරිසරයේ වෙනස හොයාගෙන අපි ඉස්සර ගියේ නුවරඑළියට. ඒ්ත්  දැන් තියෙන කාර්ය බහුලත්වය නිසාම නුවරඑළි යන්න වෙන්නේ නෑ.ඒ වෙනුවට අපි ළඟ තැන් වලින් විකල්ප හොයනවා . එහෙම හොයන කොළඹට කිට්ටු තැන් අතරේ මතුගම, හොරණ පැත්තට විශේෂ තැනක් හිමිවෙනවා.මොකද ඒ තියෙන සිහිල් සුවදායි පරසරයට ගොඩාක් දෙනෙක් කැමති නිසා.

එහෙම යනවා නම් මෙන්න වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න නියම තැනක් තමයි The Ark කියන්නේ.  මේක තියෙන්නේ මතුගම. ගහ කොළටත් උඩින් හදලා තියෙන මේ හෝටලේ පෙනුමෙන් හරිම අමුතුයි. මේ හෝටලේ හදන්න පදනම් කරගෙන තියෙන්නේ ඉස්සර ගොවියෝ වන සතුන්ගෙන් භව භෝග බේරගන්න ගොවිබිමේ ඉදිකරන “උඩ පැල” කියන සංකල්පය. මේ පැල ගහක් උඩ ඉතා තාවකාලිකව තමයි හදන්නේ හැබැයි අව්වෙන් වැස්සෙන් ආවරණය වෙනවා.හැබැයි මේ හෝටලය එහෙම තාවකාලිකව හදපු එකක් නෙවෙයි. ඒ වුනාට “උඩ පැලක” පෙනුම තමයි මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ.

කඳු මුදුනක ඉඳලායොමු කරපු විශාල යකඩ කාප්ප මත තමයි මේ හෝටලේ හදලා තියෙන්නේ.මේ නිසා මේ හොටලේ ඊට පහලින් කඳු බෑවුමේ තියෙන ගස් වලට වඩා උසින් තියෙනවා වගෙයි පේන්නේ. පැත්තකින් රබර් කැලයකට සහ අනිත් පැත්තෙන් සිංහරාජ වානාන්තරයෙන් සීමා වෙන කැලැයකට මුහුණ පාලා තමයි මේ  The Ark  හෝටලේ හදලා තියෙන්නේ.මේ නිසා අහළ පහළ පේන වටපිටාව අතින් ගත්තම මේ හෝටලේ තමයි ඔබ හොයන හොඳම නිවාඩු නිකේතනය.

දේශිය සහ විදේශිය මේ ඕනම විදිහකට කෑම ඇණවුම් කරලා ගන්න පුළුවන්ඉතාම රසවත් විදිහට ඒ කෑම හදලා දෙන්න  The Ark  කට්ටිය ලෑස්තියි. අවට පරිසරයේ කුරුල්ලෝ බලන්න යන්න,පරිසරය විඳින්න විතරක් නෙවෙයි එතනින් සිංහරාජයට වුනත් යන්න පුළුවන්.

අක්කර 40ක භූමි භාගයක ඉඳිවෙලා තියෙන මේ සුන්ර  The Ark  හෝටලය ඔබේ මේ නිවාඩුවේ හොඳම ‍අවස්ථාව වෙන්න පුළුවන්.කොළඹ ඉඳලා කිලොමීටර් 60 ක් වගේ තිබුණට Southern Highway ‍ එකේ ගිහිල්ලා වැලිපැන්නෙන් හැරෙව්වහම කිලෝමීටර් 6ක් ගියාම මේ  The Ark  හෝටලයට යන්න පුළුවන්. ඒ නිසා මේ ගමන යන එක පට්ට අමාරු වැඩක් නෙවෙයි.

මේ ගැන ගණන් හිලව් ඒ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන් 0773 428 940 කියන දුරකථන අංකයට කථා කළොත්.‍


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


RICHMOND CASTLE

Kalutara
මහාරාජා පැරදවු කළුතර මහ මුදලිගේ මන්දිරය

BRIEF GARDEN

Kalutara
පරාජිත පෙම්වතාගේ මල් උයන

PAHIYANGALA

Kalutara
අවුරුදු 48000ක් ආපස්සට ගිහින් එමු ද?


Make Online Inquiry




Location



Address

Kopiwatta Road
Welipanna - Matugama

Phone

0773 428 940

Email

write@thearksrilanka.com

Website

http://www.thearksrilanka.com/





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy