COTTAGE@KNUCKLES


මාතලේ රිවර්ස්ටන් කියන්නේ නිවාඩුව  ගත කරන්න මරු තැනක් කියලා ආයෙත් කියන්න දෙයක් නැති තරම්. එහේ තියෙන්නේ අමුතුම ලස්සනක්. සිහිල් දේශගුනයක්. ඔයා ඊළඟ නිවාඩුවට කට්ටිය එක්ක රිවර්ස්ටන් යනවා නම් නවතින්න පුළුවන් අමුතු අත්දැකීමක් ගන්න තියෙන මරු තැනක් තමයි මේ. මේ සුන්දර නවාතැන තියෙන්නේ ඉලුක්කුඹුරේ. ඒ් කියන්නේ රිවර්ස්ටන්, පිටවලපතන පහුකරලා පහලට ආවම තමයි ඉලුක්කුඹුර තියෙන්නේ.

මේක ඇත්තටම වෙනස් තැනක්.   අර අපි දන්න විදිහේ සුපිරි පහසුකම් සහිතව කොන්ක්‍රීට් ගොඩකට මැදිවෙලා නීති රීති ගොඩාක් මැද නිවාඩුව ගතකරනවට වැඩිය වෙනස් විදිහට නිවාඩුවක් ගත  කරන්න මෙතන මරු.  මෙතන මැටි වලින් හදපු කොටේජ් එකකුයි ලී වලින් හදපු කොටේජ් එකකුයි තියෙනවා.  මෙතන ඔක්කොම 20 දෙනෙකුට විතර ඉන්න පුළුවන්. කොටේජ්  දෙකේම. ඒ් කියන්නේ එකක 10 දෙනෙක් ගානේ ඉන්න පුළුවන්. මැටි වලින් හදපු කොටේජ් එකේ උඩ තියෙන ඩෙක් එකේ මෙට්‍රස් දාලා නිදාගන්න තියෙන්නේ. ලී වලින් කරපු කොටේජ් එකේ ඇඳන් දාලා තියෙනවා. 

මෙතන විදුලිය පහසුකම් නෑ. ගොඩාක් වෙලාවට ලන්තෑරුම් පත්තු කරලා තමයි ආලෝකයදෙන්නේ.  ඊට අමතරව  සීමිත තැන් කීපයකට Solar panel එකකින් තමයි අවශ්‍ය එළිය දෙනවා. මේක A/C හරි Fans හරි ඔ්න නැති පැත්තක්. මොකද ඒ් තරමට පරිසරය සීතලයි. 

මේ නිසා මේක මෙච්චරකල් නොවිඳපු අත්දැකීමක් විඳින්න පුළුවන් අපුරු තැනක්.එතන්ට යන අයට ඕන කරන පහසුකම් සපයලා දෙන්න මෙයාලා ලෑස්තියි.ගමේ තාලෙට කෑම ටික හදලා දෙන්න , අවශ්‍යනම් බාබකියු එකක් දාලා දෙන්න මේ හැම දෙයක්ම මෙයලාට කියලා හදවා ගන්න පුළුවන්.
ටිකක් නිස්කලංකව  කඳු අතර නිවාඩුවක් ගතකරන්න මේක නියමයි. ස්වාභාවික දිය දහරා වලින් නාන්න,ඇති තරම් වතුරේ බැහැලා ඉන්න, අනිත් පැත්තෙන් කුරුල්ලෝ බලන්න යන්න , මාතලේ ජනප්‍රියතම සංචාරකස්ථානය රිවර්ස්ටන් බලන්න යන්න, මෙතන ඉඳලා ලේසියි. තව දඹුල්ල, වස්ගමුව, සහ මහියංගන වගේ ප්‍රදේශ වලටත් මෙතන ඉඳලා යන්න පහසුයි.

මෙතන නවතින්න අඩුම ගානේ 10 දෙනෙක් වත් ඉන්න ඔ්න. 10 දෙනෙකුට මෙතන ගාන 10000/-යි. වැඩිවෙන හැම එක්කෙනෙකුටම රුපියල් 1000/-යි. කෑමට අවශ්‍ය දේවල් ගෙනල්ල මෙතනට දීල හදාගන්න පුලුවන් ඒ් වෙනුවෙන් කෝකියාට ගෙවන්න ඔ්න රුපියල් 2000/-ක් කෑම වේල් 3 කටම.
 

ඔයාගේ ඊලග නිවාඩුවේ අමුතුම අත්දැකීමක් ගන්න  මෙතන වෙන් කරගන්න කතා කරන්න 0759596161 ට.


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


LAY by RIVER

Matale
දඹුලු ගිහිං Chillඑකේ ඉන්න මරු තැනක්

නිවාඩුවට අගමැති බංගලාවක්


Make Online Inquiry




Location



Address

Ilukkumbura
Pallegama - Mathale

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy