SAIMA'S SPOT - MAHARAGAMA


මේක සයිමාගේ පොට් එක. තියෙන්නේ  මහරගම පන්සල පාරේ. අපි දීලා තියෙන Map  එකෙන් තැන හොයාගන්න පුලුවන්.  මෙතන තියෙන  විශේෂම දේ තමයි කිසිම දේකට රස කාරක චුට්ටක්වත් ගෑවිලාවත් නැති එක. ඒ් ගැන ආයේ ඉර හඳ වගේ ෂුවර්. 

කෑම කනවට අමතරව දාම් අදින්න, පොතක් පතක් කියවන්න මේ වගේ දේවලුත් මෙතන අවශ්‍ය පහසුකම් තියෙනවා. මේක හරියට ගමේ කෝපි කඩයක ස්ටයිල් එකට හදලා තියෙන්නේ.  පාට පාට ලී පුටු තියලා.. මේ නිකං අමුතුම තැනක්. 

කුරුඳු  , කරාබු නැටි, සේර, රම්පේ, කරපිංචා, ඉඟුරු,  එනසාල්,  වගේ අපේ රටේ තියෙන කුළුබඩු වර්ග දාලා මෙතන හදන කෑම ගැන ඉතිං කියන්න වචන මදි.  රොටී නම් එක එක ජාතියේ රොටී. බඩ ඉරිඟු රොටී, ත්‍රිපෝෂ රොටී, කුරක්කන් රොටී, හාල් පිටි රොටී පොල් රොටී නැති රොටියක් නෑ.  මෙතනින් රොටී කන්න පේස්ට් වර්ග 4ක්ම දෙනවා උම්බලකඩ පේස්ට්, කොච්චි පේස්ට්, සුදුලූනූ පේස්ට්, ලුණුමිරිස්  විතරක් නෙවෙයි රොටී කන්නම හදපු චිකන්, පෝක්, හෝ බිම්මල් කරිය  වගේම කිරිකොස් කරියකුත් මෙතන තියෙනවා.

තව කොත්තු බැතිමතුන් වෙනුවෙන් හදපු අළුත්ම රසයක් තියෙන කවදාවත් කාල නැති අමුතු කොත්තු වර්ග ගොඩාක් මෙතන තියෙනවා. පොල්‍ රොටී cheese chicken කොත්තු, පොල් රොටී cheese pork කොත්තු,  බඩ ඉරිඟු රොටී කොත්තු (chicken/pork/veg)කුරක්කන් රොටී කොත්තු (chicken/pork/veg), පොල් රොටී කොත්තු... (chicken/pork/veg) මේක කොත්තු පාරාදීසයක්. හැබැයි මේ ඔක්කොම  සයිමාගෙන් විතරමයි ගන්න පූළුවන්.

ඒ් වගේද කෑම අරන් ඉවර වෙලා ඉඟුරු දාල  හකුරු එක්ක කහට කෝප්පයක් බොනකොට. ආයේ ඉතිං දිව්‍ය භෝජන තමයි. 

එව්ව බැරිනම් ඔයාල ළඟටම කෑම වර්ග එවන්න පුලුවන් කථා කරලා බලන්න සයිමාගේ ස්පොට් එකට 0741484846


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කොළඹ තියෙන විනෝද උයන

කටට රහට කන්න තැනක්


Location



Address

Temple Road
Maharagama

Phone

0741484846

Email

saima'spot@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy