RICHMOND CASTLE


මෙන්න බලන්න යන්න වටින තවත් තැනක්. මේක තියෙන්නේ කළුතර, පලාතොට . මේකට කියන්නේ රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ්  මන්දිරය. මේක අවුරුදු  සියක් විතර පරණ ලංකාවේ තියෙන මන්දිර වලින් එකක්. කළු ගඟ කිට්ටුව තියෙන මේ මන්දිරය දැන් මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයිති එකක්.  

මේ මන්දිරය හදපු එක  සහ හදපු පුද්ගලයා ගැන තියෙනවා කථාවක්. මේ මන්දිරය හැදුවේ  නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා. මේ මුදලිතුමා කළුතර ජීවත්වුන ධනවත් පුද්ගලයෙක්.  මේ මුදලිතුමා ඉන්දියාවට ගිය වෙලාවක මහාරාජා වරයෙකු ගේ මන්දිරයට ගිහිල්ලා තියෙනවා. ඒ් මන්දිරය දැකලා ආසා හිතුන මුදලි තුමා අර මහාරාජා ගෙන් මන්දිරයේ සැලසුම ඉල්ලුවා ලු. ඒ්ත් මාන්නක්කාර මහාරාජා සැලසුම දෙන්නේ නැතුව "කැමති නම් බලාගෙන ගිහිං මේ වගේම හදාගන්න " කියලා කිව්වාලු.  පස්සේ ලංකාවට ආපු මුදලි තුමා  තමන් දන්න හොඳම වඩුවෙක් සහ පෙදරේරුවෙක් එක්ක ආපහු ඉන්දියාවට ගිහිල්ලා මේ මන්දිරය බලාගෙන ඇවිල්ලා තමයි ඒ් විදිහටම 1900 - 1910 අතර කාලයේ  මේ රිච්මන්ඩ් කාසල් එක හදලා තියෙන්නේ. 

මහල් දෙකක් තියෙන මේ මන්දිරය සියලු සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විතයි. ආරක්‍ෂක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව අර මහාරාජාවරයා‌ගේ මන්දිරයට සමානවම තමයි මේක හදලා තියෙන්නේ. 
මහාරාජාගේ මැදුර විදිහටම මේ  මන්දිරය හදලා  විවෘත කරන්න ආරාධනය කරලා තියෙන්නේ අර මහරාජා වරයාට . එම උත්සවයට ආපු මහාරාජා පුදුමයෙන් පුදුමයට පත් වෙලා තියෙනවා. 

මේ මන්දිරයේ විශේෂතා ගෙඩාක් තියෙනවා. එකක් තමයි ස්වාභාවික වායු සමීකරණ ක්‍රමවේදය. ඒ් කියන්නේ මේ මන්දිරයේ නාට්‍ය ශාලාව හදලා තියෙන්නේ ස්වාභාවික වායු සමීකරණ ක්‍රමයකට. මේ මන්දිරය ආසන්නයේ තියෙන කළු ගඟේ ඉදල මන්දිරයේ අත්තිවාරම යටින් නාට්‍ය ශාලාව දක්වා නල පද්ධතියක් හදලා තියෙනවා. ඒ් නල පද්ධතිය ඔස්සේ කළු ගඟ ඉවුරේ තියෙන සිහිල් සුළඟ අර නාට්‍ය ශාලාවේ පොළවේ සකසලා තියෙන සිදුරු වලින් ශාලාවට එනවා. මේ ස්වභාවික වායුසමන පද්ධතියට හදපු සිදුරු අදටත් මේ මාළිගයේ නාට්‍ය ශාලාවේ පොළවෙහි දකින්න පුළුවන්. 

ස්වාභාවික වායු සමන පද්ධතිය
මේ මන්දිරය හදන්න  ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, ලී  බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් තමය් ගෙනල්ලා තියෙන්නේ.  මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් වලින් ගෙනල්ලා , එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන තැනට ගෙනල්ලා තියෙනවා. පනාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සාම්ප්‍රදායටම හදලා තියෙන්නේ. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු පාවිච්චි කරලා තියෙන්නේ. මේ වීදුරු වල විශේෂත්වය තමයි ඒ්වා ඇතුළතින් බැලුවම සුදුපාට වුනත් එළියෙන් බැලුවම  කොළපාට වීම.  බුරුම තේක්කවලින් හදපු තරප්පු පේලිය මේ මන්දිරයේ ප්‍රතාපවත් බව තව තවත් වැඩි කරවනවා.  දොර උළුවහු  99ක්  ජනේල 38කින්ද සමන්විත මේ මැදුරේ  මැද මිදුලක් තියෙනවා.  මේ මන්දිරයේ බිත්ති එක් කාමරයක ශබ්ද අනික් කාමරයට ඇහෙන්නේ නැති විදිහට අමුතු විදිහකට හදලා තියෙන්‌නේ. 

මේ මුදලි තුමා ගේ විවාහයද රට හොල්ලපු විවාහයක්. ඔහු විවාහ වුනේ මහනුවර පැත්තේ  කාන්තාවක් එක්ක. මහනුවර ඉඳලා මනමාලිය ඇතුළු පිරිස කළුතරට රැගෙන ඒන්න විශේෂ  දුම්රියක් දාලා තියෙනවා. කළුතර දුම්රිය ස්ථානයේ ඉඳලා පලාතොට තියෙන මේ මන්දිරයට එනකල් තොරණ් 7ක් හදලා තියෙනවා.  මේ විවාහ මංගල්‍යයට හදපු කේක් ඒකේ උස  අඩි 18 ක් වෙනවා. මේ විවාහ මංගල්‍යයට අදාල ඡායාරූප අදටත් මේ මන්දිරයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. 

දරුවන් පිරුණු උද්‍යානය 
මේ මන්දිරයේ උද්‍යානයත් විශේෂ එකක්. තැන තැන කුඩා ළමයින් ගේ රූප වලින් යුතු ප්‍රතිමා ගොඩාක් තියෙනවා. ඒකට හේතුව මේ මුදලිතුමාට දරුවන් නොමැති වීම. මේ නිසා මුදලි තුමා විසින් මන්දිරය දචිහා බලාගෙන ඉන්න  කුඩා දරුවන්ගේ ප්‍රතිමා මන්දිර මිදුලේ ඉදිකරලා තියෙනවා. 

කාලයක් දරුවන් නැ.ති වීම ගැන සිත් තැවුලෙන් හිටපු මුදලි වරයා තමන්ගේ බිරිය ඇයගේ නිවසට ආපහු යවලා මන්දිරය අත්හැරලා ගිහිං තියෙනවා. කෙසේ වෙතත් මාසිකව බිරිඳට දීමනාවක් ලැබෙන විදිහට මේ මන්දිරය ඇතූළු දේපල සියල්ල රජයට පවරලා  අවසන් කැමැත්ත ලෙස අනාථ දරුවන්ට පිහිට වීමට සිය දේපළ යොදාගන්නා විදිහට ඉල්ලීමක්ද කරලා තිබුණා. 

 මුදලි තනතුරද අතෑරලා  මෙම මන්දිරයෙන් ගිය මේ මුදලි වරයා  මහනුවර ක්වීන්ස් හෝටලයේ 75 වන කාමරය කුලියට ගෙන අවුරුදු ගාණක්  හුදකලාව ජීවත්වෙලා  අතර 1947 ජූලි මස 08 වැනි දින මිය ගියා. 

කොළඹ ඉඳලා වැඩි ඈතකුත් නැති නිසා නිවාඩු දවසක බලන්න යන්න හොඳම තැනක් තමයි මේ. කළුතර ඉඳලා නාගොඩ පාරේ ගියාම මේ මන්දිරය බලන්න පුළුවන්. මේ මන්දිරය බලන්න වැඩිහිටි අයෙක් නම් රු 50 ක ටිකට් එකක් ගන්න  වෙනවා. පාසැල් දරුවන්ගෙන්  අයකිරීම රු 10යි.

@teamawidimu


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


මතුගම සුපිරි උඩපැල

BRIEF GARDEN

Kalutara
පරාජිත පෙම්වතාගේ මල් උයන

PAHIYANGALA

Kalutara
අවුරුදු 48000ක් ආපස්සට ගිහින් එමු ද?





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy