PAHIYANGALA


ලෝකයේ මීට අවුරුදු  48000කට පෙර මානවයා ජීවත්වුන ගල් ගුහාවක්  තමයි පාහියන්ගල ලෙන. මේක තියෙන්නේ කළුතර බුලත්සිංහල. මේ පාහියන්ගල ලෙන තුලින් හමුවුන පැරනි සාක්ෂි අතර මීට අවුරුදු 48000කට කලින්  මානවයා දුනු හීතල තාක්ෂණය භාවිත කර ඇති බවට පසුගියදා අණාවරනය වෙලා තිබුනා. 

ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව තහවුරු වුනා. ලෙනෙහි තිබී සොයාගත් අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍ය විශ්ලේෂණයේදී ආදි මානවයා සත්ත්ව ඇටකටුවලින් මෙවලම් හදලා  වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කරා කියලා තමයි තහවුරු වෙලා තියෙන්නේ. 

අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය වෙන්නෙත් මේක. විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ මෙම සොයා ගැනීම සැලකෙන්නේ මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද සාක්ෂි අභිබවා යාමක් ලෙසයි.

පාහියන්ගල කියන්නේ ගිහිල්ලා බලන්න වටින තැනක්. මේකතමයි ලංකාවේ මෙතක් හඳුනාගෙන තියෙන විශාලතම ස්වාභාවික ගල්ලෙන. මේ ගල් ගුහාවේ විවරයේ උස අඩි 150ක්. පළල අඩි 175ක්. මේකට පාහියන්ගල කියන්නේ ක්‍රි ව 5 වෙනි සියවසේ ලංකාවට ආපු චීන දේශ ගවේශක භික්ෂුවක් වන පාහියන් නැමති භික්ෂුව නවාතැන් අරං හිටපු නිසා කියලා හැමෝම දන්නවා. 

බුලත්සිංහල මෝල්කාව පාරෙන් ගිහිල්ලා මෙතනට  පහසුවෙන්  යන්න පුළුවන්. වාහනයෙන් පාහියන්ගල පන්සලේ car park එක ළඟට ගිහින්  පඩිපෙලක් දිගේ මේ ලෙනට යන්න පුලූවන්. අකීකය ගැන උනන්දු වෙන අයට අතීතයේ මානවයින් ජීවත් වුන තැන බලන්න යන්න තියෙන නියම අවස්තාවක් තමයි මේක. 
@awidimuteam 

 

#pahiyangala 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


මතුගම සුපිරි උඩපැල

RICHMOND CASTLE

Kalutara
මහාරාජා පැරදවු කළුතර මහ මුදලිගේ මන්දිරය

BRIEF GARDEN

Kalutara
පරාජිත පෙම්වතාගේ මල් උයන





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy