MADOLSIMA MINI WORLDS END


ලංකාවේ ලෝකාන්ත ගොඩාක් තියෙනවා. ඒ් අතර තවත් සුන්දර ලෝකාන්තයක් තමයි මඩොල්සිම පුංචි ලෝකාන්තය. මේකට පිටමාරුව ලෝකාන්තය කියලත් කියනවා. 

මේ සුන්දර ලෝකාන්තය තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ. මෙතනට එන පාරවල් කිහිපයක් තියෙනවා.ඔයා ඉන්න තැන ඉඳලා අපි දීලා තියෙන Google map එක  බැලුවම  යන විදිහ හරියටම හොයාගන්න පුළුවන්. 

පිටමාරුව ලෝකාන්තය  ලංකාවේ තියෙන ලෝකාන්ත අතුරින් සුන්දරම ලෝකාන්තය කිව්වොත් හරි.  මේක මඩොල්සිම ලෝකාන්තය ලෙස හැදින්වූවත් සත්‍ය ලෙසම පිහිටා තිබෙන්නේ රෝබරි(Roeberry) වතු යායේ. වාහනයක යනවා නම් සාමාන්‍ය ඔ්න වාහනයක යන්න පුලුවන් දැන් පාර කාපට් කරලා හදලා තියෙන්නේ. 

මඩකලපුවේ ඉඳලා බදුල්ල දක්වා පේනවා 

මුහුදු මට්ටමේ  ඉදලා මීටර් 700ක් උසින් පිහිට මේ ලෝකාන්තය හෙවත් සීඝ්‍ර බෑවුම මුදුනට ගියාම මධ්‍යම, නැගෙනහිර, ඌව ආදී පළාත් 3ක් දකින්න පුළුවන්. හොඳට ඉර පායලා තියෙන වෙලාවක බදුල්ලේ ඉඳලා නැගෙනහිර වෙරළ තීරාය් මඩකලපුව  දක්වාම දකින්න පුලුවන් කියලයි ගොඩාක් අය කියන්නේ. මීදුම පහව ගිය වෙලාවට මහනුවර, මීගහකිවුල, නාගදීප වැව, මහියංගනය නගරය, උල්හිටිය වැව සොරබොර වැව, මඩකලපුව, අම්පාර, බිබිලේ නගරය, සේනානායක සමුද්‍රය, මොනරාගල පස්සර හා බදුල්ල ආදී ප්‍රදේශ ඈතින් හොඳින් දකින්න පුලුවන්. 

තව දෙයක් තමයි බඹරුන්ගෙන් පරිස්සම් වෙන එක. උඩ අපි දාලා තියෙන පිංතූරෙක තියෙනවා නිකං රාජාලියෙක් වගේ බඹර වදයක්. අවුස්සගත්තොත් ඉවරයි ඉතිං. ආයේ කොහේ කියලා දුවන්නද? ඒ් නිසා බඹර වදයක් දැක්කොත් නිහඩ වෙලා එයාලට කරදර නොකර මේ පුංචි ලෝකාන්තය දැක බලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ

ගොඩාක් සංචාරකයෝ මෙතනට එන්නේ හිරු පායන දර්ශනය බලන්න. මොකද මෙතනට ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය  හොඳට දකින්න පුළුවන්. ඒ් නිසා මෙතන ඉඳලා ඉර පායන හැටි දකින එක ඇත්තටම චමත්කාරජනක අත්දැකීමක්. එහෙම ඉර පායන හැටි මෙතන ඉඳලා බලනවා නම් රාත්‍රිය මෙතන කඳවුරු ගහගෙන ඉන්න වෙනවා.

 

Camping වලට අවසර ගන්න 

ඉස්සර නම් කැමති විදිහට ඒ් ආසන්නයේම කඳවුරු ගහගන්න පුළුවන්. ඒ්ත් දැන් මේ ස්ථානය මීගහකිවුල ප්‍රාදේශිය සභාවෙන් පවරාගෙන තියෙන්නේ. ප්‍රාදේශිය සභාවෙන් වෙනමම කඳවුරු බඳින් වෙනමම තැනක් දීලා තියෙනවා. ඒ් වගේම එතන වැසිකිලි සහ සනීපාරක්ෂක පහසුකම් සලසලා තියෙන්නේ. කරන්න තියෙන හොඳම දේ තමයි 0552245775 කියන අංකයෙන්  මීගහකිවුල ප්‍රාදේශිය සභාව මීගහකිවුල ප්‍රාදේහිය සභාවට කථා කරලා Camping වලට අවසර ගන්න එක.

 
@awidimuteam 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සුද්දන් මවිත කළ අප්පුහාමි ගේ වික්‍රමය

රාවණාඇල්ල දිහා බලාගෙන සුන්දර නිවාඩුවක් ගත කරන්න

බෙලිහුල්ඔය සීතල නිවාඩුවක්

COUPLE එකකට ඇල්ලේ අමුතු නවාතැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy