කලවානේ කුකුලේ ඟග කියන්නේ ගතට සිතට සුවදායක සිහිල් පරිසරයක් තියෙන ප්‍රදේශයක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. එහෙම නිස්කලංක ප්‍රදේශයක හරිම සුන්දර දර්ශණීය තැනක හදපු බංගලාවක් තමයි මේ බංගලාව.
පහලින් ගලා යන කුකුළේ ඟඟේ සුන්දර දර්ශනයත් එක්ක වටපිටාවේ ගහකොල පිරුණු කැලෑවේ තියෙන්නේ පුදුම සුන්දරත්වයක්. දවස පුරාම කුරුල්ලන්ගේ ශබ්ද අඩුවක් නෑ. හාත්පස කැලෑවෙන් එන සිහිල් සුළං විඳගෙන සුන්දර නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි. ගලාගෙන යන කුකුළේ ගඟට සමාන්තරව හදපු අඩි 60ක් දිග Swimming pool එක අමුතුම අත්දැකීමක් තමයි.
මේ Bungalow එක වටපිටාවේ තියෙන වනාන්තර වගේම අක්කර එකොළහක පුංචි කැලයක් තියෙන සුන්දර භූමියක තමයි තියෙන්නේ. ඒ් නිසා ස්වාභාවික පරිසරයේ මිහිර විඳින්න මේක නියම තැනක්.
මේක සියලු පහසුකම් සහිතව පරිසරයේ සුන්දරත්වය දකින්න පුලුවන් විදිහට හදපු අති නවීන කාමර 4ක Bungalow එකක්. ඒ කාමර 4න් දෙකක් Family rooms, අනිත් දෙක Double rooms. සම්පූර්ණ බංගලාව ගත්තොත් මෙතන 12 දෙනෙකුට විතර නවතින්න පුලුවන් සුව පහසු ඇතිව.
මිළ ගණන් මෙහෙමයි වෙන්නේ
Entire Bungalow ගන්නවා නම් සතියේ දවස්වල රුපියල් 35000/යි සති අන්තවල 37500/- යි Cook කෙනෙකුත් එක්ක තමයි මේ ගානට Bungalow එක ලැබෙන්නේ. උයන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එන අයට අරං එන්න වෙනවා. මේකට Free BBQ Service එකක් දෙනවා.හැබැයි BBQ එකට අවශ්‍ය මස් වර්ග,වගේ ආහාර ද්‍රව්‍ය එන අය අරං එන්න ඔ්න
මේ සුන්දර බංගලාවේ නිවාඩුවක් ගත කරන්න කැමති නම් මෙහි ඇති Calender එකෙන් අවශ්‍ය දිනය සළකුණු කර විමසන්න. නැතිනම් 0759596161 awidimu hotline අමතන්න .
Popular exclusive listings in our directory