BADDAGANA WETLAND PARK


Beddagana Wetland Park is a wetland park situated on Rampart Road in Sri Jayawardenepura, Kotte. It is a great place to embrace Mother Nature with so much to do such as bird watching and taking a stroll sinking in the beauty surrounding it. It is a naturally beautiful place with artistic landscaping and lush greenery. There are educational tours such as boat rides identifying different species of butterflies, dragonflies and damselflies. It is the perfect place for nature lovers.

Beddagana Wetland Park was declared open in the year 2016. The park covers 18 hectares of wetland surrounding the Diyawanna Oya Lake. It is considered to be a part of the much larger Diyawanna Oya flood plains Wildlife Sanctuary declared by the Department of Wildlife Conservation in 1985.

Beddagana Wetland Park is situated on Rampart Road in the historic city of Sri Jayawardenepura, Kotte which also happens to be the commercial capital of Sri Lanka. The park has two trails. One trail borders the Diyawanna Oya Lake and the other one is a forest trail which goes through a wetland forest.

-------------------------------------------------------------------

මේ තියෙන්නේ BADDAGANA WETLAND PARK එක. බැද්දගානේ කිව්වට කොළඹ බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමට කිට්ටුවෙන් මෙතනට  ප්‍රවේශ මාර්ගයක් තියෙනවා. ඒ් පාර්ලිමේන්තු වට රවුමට කලින් දියවන්නා ඔයට උඩින් තියෙන පාලම අයිනෙනන් මේකට යන්න පුළුවන්. 

ලොකේ අනිත් රටවල තියෙන wetland park එකක් විදිහටම හදපු මේ park එක  කළබලකාරී කොළඹ නගරයේ අගිහය නිසංකලංක  තැනක්.  මේක අතිශය සුන්දර විදිහට නිර්මාණය කරලා තියෙන්නේ පරිසරයට ගහට කොළට ආදරේ කරන අය වෙනුවෙන්. දියවන්නාව ආශ්‍රිත වගුරු බිමක ගමන් කරන්න පුලුවන් විදිහේ මාවත් හදලා ඉදිකරලා තියෙන මේ පාක් එක ඇත්තටම අලුත් අත්දැකීමක්. විශේෂයෙන්ම ලංකාවට ආවේණික කුරුළු වර්ග බර ගාණක් වගේම සංචාරක පක්ෂීන් සමනලුන් සහ තාරාවුන් වගේ සත්තු ගොඩාක් නිදහසේ සැරිසරන හැටි මෙතනදි දකින්න පුලුවන්. කුරුල්ලන්ට ,සමනලුන්ට, සංචාරක පක්ෂින්ට , තාරාවුන්ට වෙන් වෙන් විදිහට කලාප වෙන් කරලා තියෙන නිසා හඳුනාගන්න එක අසීරු වෙන්නේ නෑ.

ඒ විතරක් නෙවෙයි විවිධ දුර්ලභ ගණයේ ගහ කොළ මේ පාක් එකේ එක පැත්තක හිටවලා තියෙනවා. තව අවුරුදු කීපයක් ගියාම ඇත්තටම ඒ පැත්ත සුන්දර වන උයනක් වගේ වෙයි. ඒ වගේම මේ උද්‍යානය හාත්පස නරඹන්න වෙනමම නැරඹුම් මැදිරියක් තියෙනවා. ඒක උඩට නැග්ගම මුළු පාක් එකම බලාගන්න පුළුවන්.

මේක එක පැත්තකින් මායිම් වෙන්නේ දියවන්නාවට. ඒ අන්තය හරිම සුන්දරයි. සුන්දර තුරු වදුළු මැදින්..නිදහසේ ඇවිද යන්න තියෙන හොඳම තැනක් තමයි මේ. රුපියල් 50 ක් දීලා ඇතුළු වුනාම නිදහසේ ඇවිදින්න පුළුවන්.පරිසරය විඳින්න පුළුවන්.

@teamawidimu


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කොළඹ තියෙන විනෝද උයන

කටට රහට කන්න තැනක්


Location



Address

139 Rampart Rd,
Sri Jayawardenepura Kotte

Opening Hours

6:30AM–5:30PM

Phone

+94113047974





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy