MADUWANWELA WALAUWWA


Maduwanwela Walawwa is located in upper South of Sri Lanka. Situated in the town of Kolonne, which lies between Embilipitiya and Suriyakanda in Ratnapura District, a distance of 207 km (129 mi) from the Colombo.

During 1877-1905 period, the Walawwa had 121 rooms, 21 inner courtyards (Meda Midula)[2] and 80 000 acres of land surrounding it, at present there are on 43 rooms left. Located on in the grounds is a courthouse with seating space for 100 people, furniture and the equipment used for punishments are still present. Following the death of Maduwanwela Maha Disawe, the last of the Maduwanwela family, the house was transferred to Sir Francis Molamure. In 1974, it was transferred to the state and taken over by the Department of Archaeological and converted into a museum.

 

වීරසේකර මුදියන්සේලාගේ මඩුවන්වෙල දිසාවේ නම් මහා කළු සිංහලයාගේ සුඛෝපභෝගී දිවි පෙවත දැකගන්න අදටත් නොවෙනස්ව පවතින හොඳම සාක්ෂිය තමයි මඩුවන්වෙල වලව්ව. ඇඹිලිපිටිය සිට කොලොන්න හරහා සූරියකන්ද මාර්ගයේ කි.මී. 24 ක් පමණ දුරකින් තමයි මේ  මඩුවන්වෙල වලව්ව පිහිටලා තියෙන්නේ. මේ වලව්ව හදලා තියෙන්නේ  1878 වසරේ.ඒ කියන්නේ  අවුරුදු 140 ක්විතර පරණයි මේ වලව්ව.

අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකින් සමන්විත  මේ වලව්වේ ඉඩම   පුරාම එක එක වර්ගයේ විශාල ගස් දකින්න පුළුවන්. ආරක්ෂාව ගැන හොඳින්  හිතපු  මඩුවන්වෙල දිසාවේ  මේ මාළිගයේ ආරක්ෂාවට පවුරු 3 ක් ඉදිකරලා තියෙනවා. මේකෙන්  පිටත පවුර ශක්තිමත් කළු ගලින් හදලා තියෙන්නේ. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස”  කියලා හඳුන්වන්නේ. දොරටුව දෙපස මනරම් ලියවැල්දාපු   මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දකින්න පුළුවන්. ඇතුළු පවුර “පහන්පවුර ” නම්වන අතර එහි අලංකාර පහන් කුටි රැසක් තියෙනවා. ඉස්සර මේ ඇතුලු තාප්පේ දිගටම පහන් පත්තු කරලා තියෙන්න ඇති. 

ඉතා විශාල වලව් මිදුලේ වතුර මල සහිත ජල තටාකයක් ඉදිකරලා තියෙනවා . අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනක් තියෙනවා.  ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුනාට පස්සේ මහ බංගලාව නම් ආලින්දයට පිවිසිය හැකිය.  මේ  ආලින්දයේ අදටත් දකින්න පුළුවන් මඩුවන්වෙලදිසාවේ ගමන් බිමන් ගිය දෝළාව, සහ  ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් එහි දකින්න පුළුවන් . 

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවයි. නිල් වීදුරු කවුළු, බිම පිඟන් කටු සැරසිලි, රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන, පිඟන් කටුයෙන කරන ලද මකර රූප, අලි රූප, හා නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරනවා . මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීමයි. මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේද වික්ටෝරියා රැජිනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම පයට පෑගෙන ලෙස අතුරලා තියෙනවා. වික්ටෝරියා රැජින ගැන , ඉංග්‍රිසි ආධිරාජ්‍යය ගැන මඩුවන්වෙල දිසාවේගේ ඇති විරෝධතාව මේකෙන් පෙන්වනවා.  

1930 වගේ වෙනකොට  මේ  වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. හැබැයි අද තියෙන්නේ  අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි. මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ සකස් කළ මනා ජලවහන පද්ධතියක්ද තිබු  බව අදත් දකින්න පුළුවන්.

කොච්චර මහරැජිනට විරුද්ධ වුනත්  සුද්දන්ට වෙන්වු ශිත කාමරයක් මේ වලව්වේ හදලා හදලා තියෙනවා සීතල හුරු සුදු මහත්වරුන් සදහා . මේ තාමරය විනිරන් වලින් කපරාරු කරලා ශිතල ආරක්ෂා වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරයද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඇත්තේ ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි. 

දිසාවේගේ සයනාගාරය ලෙස භාවිතා කළ කොටස සතර වටින් අගුල් දැමිය හැකි මැද මිදුලක් අයිනේ වු ආලින්දයකි. එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත. සයනාගාරයේ දොරටුව අසල තුවක්කුව, කඩුව හා සැරයටිය තැබිය හැකි රහස් පෙට්ටියක් විය. සයනාගාරයට යාබදව ආයුධ ගබඩාව තිබු අතර කටුවන ලන්දෙසි බලකොටුවට පහර දී ගෙන ආ කාලතුවක්කු දෙකද එහි වු බව කියවේ.

වලව්වේ විසු රදළ පිරිසගේ කෑම කාමරය හා මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ දක්නට ලැබෙන අතර කුමාරිහාමිලාගේ නාන කාමර වලව්වේ පිටුපස කොටසේ තිබී ඇත. ගබඩා කාමර, ධාන්‍ය කාමර ආදී සියලු දේ අදටත් දකින්න පුලුවන්. 

 එමෙන්ම ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය. මහ බංගලාව අසලින් නඩු ශාලාවට යාමට කොරිඩෝවක් තිබු අතර නඩු ශාලාවේ දොරටුවට ඉහළින් මී හරක් අං තට්ටුවක් සවි කර තිබුණි. නඩු ශාලාවේ සිය දෙනෙකුට විතර රැස්වෙන්න පුුළුවන් වු අතර මඩුවන්වෙල දිසාව නඩු ඇසූ පුටුව ද දකින්න පුලුවන්. ඒ පුටුවට ඉහළින් ඉංග්‍රිසි ආණ්ඩුවේ ලාංඡනය  තියෙනවා. 

ඊළඟ Trip එක යනකොට වරද්දන්නෙ නැතුවම යන්නම ඔ්න තැනක්  මේක.


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


BADURA BUNGALOW

Ratnapura
අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුගඟ අයිනේ Day Outing එකක්

කුරුළු කූඩුවක නිවාඩුවක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy