සුද්දන්ගෙන් කෙල්ලෝ බේරගන්න හදපු දහඅට වංගුව

2022-02-20




ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්න පාරක් තමයි දහඅට වංගුව කියන්නේ.  මහනුවර ඉඳලා මහියංගනයට යන්න තියෙන්නේ දහඅට වංගුව හරහා. 

මේක ප්‍රපාතාකාර  වැලමිට වංගු 18ක් තියෙන පාරක්. මේ පාර හැදුනේ කොහොමද කියලා හොයලා බලන්න වටින්නේ මහනුවර ඉඳලා මහියංගනයට එන්න ලේසියෙන්ම පාර හදන්න වෙන තැන් තියෙද්දි ඇයි මේ අසීරු තැනකින් පාර හැදුවේ කියන එක  ගැන හිතනකොට. 

මීට අවුරුදු ගාණකට කලින් ඉංග්‍රීසින් ලංකාව පාලනය කරන කාලේ ලංකාවේ වතු වගාව ආරම්භ කළා. තේ රබර් කෝපි සිංකෝනා වගේ දේවල් සුද්දෝ ලංකාව පුරා වවන්න ගත්තා.  කොළඹ ඉඳලා නුවරට සුද්දො පාර හදන්නෙත් මේ වැවිලි බෝග කොළඹට ගේන්න. 1848 වගේ කාලේ ටොරින්ටන් සාමි වරයා ගේන බදු ප්‍රතිපත්තිය නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ් කාලේම තමයි මහනුවර, උඩුදුම්බර, හුන්නස්ගිරිය වගේ ප්‍රදේශවල එනසාල් වගාව පටං ගත්තා. මේ නිසාම බ්‍රිතාන්‍යයන් මාර්ග නිර්මාණය කරන එක මහනුවරින් නතර නොකර උඩුදුම්බර දක්වාම  කරගෙන ගියා. 

මේ කඳුකරයේ පාරවල් හදන්න ඉංග්‍රිසි ජාතිකයෝ තමන්ට කිට්ටු ලාංකිකයින්ගේන් උපදෙස් ගත්තා. මේ විදිහට උඩුදුම්බර ගමේ ප්‍රධානීන් 4 දෙනෙක්ගෙනුත් ඉංග්‍රීසි ජාතිකයෝ උපදෙස් අරං තියෙනවා මාර්ග පද්ධතිය හදන්න. ඒ්ත් මේ කාලේ වෙනකොට කඩහපොළ හාමුදුරුවො මරලා දැම්ම එක ගැන මේ ගම් ප්‍රධානින් සුද්දෝ එක්ක තරහින් ඉඳලා තියෙන්නේ. මේ නිසාම තියෙන අමාරුම බෑවුම පාර හදන්න පෙන්නලා දුන්නා කියලා තමයි පුරාණ කතා වල කියන්නේ. තවත් කථාවක කියනවා මේ ගම් ප්‍රධානින් තමන්ගේ ගම් බිම් වල ඉන්න කාන්තාවන් සහ තරුණියන් සුද්දන්ගෙන් පරිස්සම් කරගන්න බැරිවෙයි කියලා ගම් බිම්මැදින් යන පාරක් වෙනුවට මහ කැළයක් මැදින් අසීරු පැත්තක් පාර හදන්න පෙන්නුවා කියලා. 

ඒ් විදිහට තමයි අසීරු දහඅට වංගු පාර හැදුනේ. මේ පාර හදන්නත් සූරාකාලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ  ශ්‍රමය. හැම පවුලකම හැම පිරිමියෙක්ම සතියට දවස් 6ක් පාර් වැඩට එන එක අනිවාර්යයි. එහෙම නැත්තං සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්න ඔ්න. 

කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි. ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.

මේ අද ඔබ විඳින අසීරු බෑවුමක් තියෙන  දහඅට වංගුව හදන්න අපේ මිනිසුන් කී දෙනේ ජීවිත පූජා කරන්න ඇති ද.? 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy