රටඉඳි කෑවොත් වෙන දේ මෙන්න

2021-11-20




රටඉඳි කියන්නේ කවුරුත් කැමති කෑමක්.ඒ වගේම රසවත් පළතුරක්. මේවා ගුණදායකයි කියලා කවුරුත් දන්නවා. ඒ අතරේ නොදන්නා ගුණ රැසක් මේ රට ඉඳිවල තියෙනවා. විටමින් සහ ඛණිජ ලවණ වලින් පොහොසත් රටඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා.

දවසකට රට ඉදි ගෙඩි 3ක් කෑවොත් ලැබෙන සෞඛ්‍යමය වාසි ගොඩාක් තියෙනවා.මොකද එහෙම රටඉඳි කනවා නම් අමතර විටමින් වර්ග බොන්න ඕනෙත් නැති තරම් .විටමින්,පොටෑසියම්,කොපර්, වගේ ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ මේ රට ඉඳි වල තියෙනවා. විශේෂයෙන් ආහාර ජීර්ණය වීමේ පහසුවක් මේ රට ඉඳි වලින් ලැබෙනවා ඒ වගේම මල බද්ධය, අජීර්ණය විතරක් නෙවෙයි බඩවැල් ආශ්‍රිත පිළිකාමය තත්වයන් නැති කරන්නත් මේ රට ඉඳි වලට පුලුවන්.

තව ඊට අමතරව ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක්,විටමින් B,මැග්නීසියම් වගේ ගොඩාක් දේවල් මේ රටඉඳි වල ඇතුළත් වෙන නිසා අමුතුවෙන් විටමින් බොන්න ඕන නෑ. ත රෝගාබාධ ගොඩකට මේ රටඉඳි මරු.ඒ කියන්නේ රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදාගන්න පුළුවන්.ඒත් එකක්ම හදවත් හානි අවම කරවීමේ සුවිශේෂී හැකියාවක් මේවට තියෙනවා.ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව  පාලනය කරන්නත් මේ රටඉදි යොදාගන්න බව බොහෝ වෙලාවට ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන්. දරුවා බිහි වෙන්න සති 4ක් තිබියදී ගැබිණි මව්ව්රුන් 69 දෙනෙකුට රටඉඳි කන්න දීලා කරපු පරීක්ෂනයකින් මේ බව හෙළිවෙලා තියෙනවා.

මේ නිසා රට ඉඳි වල අසාමාන්‍ය බලයක් තියෙනවා නිරෝගීව ජීවත් වෙන්න.අනිත් පැත්තෙන් ගත්තොත් අධික රුධිඩනය, සහ හෘදයාබාධ වලට රටඉඳි කියන්නේ ගුණදායක කෑමක්.මොකද රට ඉදිවල තියෙන මැග්නීසියම් නිසා හෘදයාබාධ ඇතිවීස 10% කින් පාලනය කරනවා.

ඒ විතරක් නෙවෙයි රටඉඳි වලින් මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කරනවා. මේ නිසා රට ඉඳි ගෙඩි 3 කට පුළූවන් වෙයි ඔබේ ජීවිතය වෙනස් කරන්න. කල්පනා කරලා බලන්න.
 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy