ආදරයේ මහා ප්‍රෝඩාව - ටජ් මහල්

2021-06-19




"ටජ් මහලක් තනවන්න බෑ මට ඔබෙ සෙනෙහසට හිමි - හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමි " ජෝතිපාල කියන මේ සිංදුවෙන් කියන්නේ තමන්ගේ Girl friend පට්ට  love කොල්ලෙක් අසරණ වුන තැනක්. ඇයි උගේ ආදරේ මේ තරම් කියලා ඌට භෞතිකව වටිනාකමක් පෙන්නන්න බෑ. මොකද ඉන්දියාවේ ටජ් මහල තමයි සාමාන්‍යයෙන් ආදරයේ භෞතික වටිනාකම නැත්තං ආදරේ කියන මිනිස් හැඟීමේ ද්‍රව්‍යමය දේ හැටියට ගොඩාක්  වෙලාවට සලකන්නේ. මේ  වැලි සිමෙන්ති වලින් හැදුන ගොඩනැගිල්ලක් ආදරයට සමාන කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. මෝගල් අධිරාජ්‍යයා වෙලා හිටපු සාජාහන් කියන රජතුමා තමන්ගේ මියගිය මුම්ටාස් දේවිය සිහිපත් වෙන්න ටජ් මහල හැදුවා කියලා තමයි අපි දන්නේ. ඒක ඇත්තටම එහෙම නම් සාජහාන් ටජ් මහල හදවලා තියෙන්නේ මුම්ටාස්ට ආදරේට නෙවෙයි. අහස උසට ගිය තමන්ගේ ආදරේ මහන්තත්ත කම පෙන්වන්න කියලා සමහරු කියනවා‍. 


තවත් තැනක කියනවා  මුමටාස් කියන්නේ සාජාහන් රජතුමාගේ එකම ආදරණීය බිසව නෙවෙයි. ඇය ඔහුගේ බිසෝවරුන් 7 දෙනාගෙන් 4 වෙනියා කියලා. එහෙනම් ඇයි සාජහාන් තව ටජ් මහල් 7ක්  හැදුවේ නැත්තේ කියන  ප්‍රශ්නය අපිට එනවා‍.අනිත් පැත්තෙන් මුම්ටාස් බිසව අයිතිකරගන්න සාජහාන් ඇය විවාහ වෙලා හිටපු  පුද්ගලයාව මරලා දැම්මා කියලා තව කථාවක් තියෙනවා. ඇත්ත වෙන්න ඇති සියලු බලතල තියෙන රජෙකුට  තමන්ගේ කාමාශාව වෙනුවෙන් මිනිහෙක් මරන්න බැරිද?. ඒ වගේම තමයි දැන් කියන්නේ මුම්ටාස් දේවිය මැරුණේ දරු ප්‍රසූතියට ගිහිං කියලානේ. ඒත් ඒ මුම්ටාස් දේවිය ගේ 14 වන දරු ප්‍රසුතිය කියලා තමයි කියවෙන්නේ. මුම්ටාස් මළාට මහ ලොකු ටජ් මහල් හැදුවා කියන සාජහාන් මුම්ටාස් මැරුණට පසසේ ඇයගේ නංගීව කසාද බැන්දා කියලාත් කථාවක් තියෙනවා. කෝ එතකොට අර අහස උසට ගිය ආදරේ?


 අපි ටජ් මහල ලගදි කුරුමිට්ටන්ටත් අන්තයි ඒ තරමට පොඩියි. අපි එතන්ට  ගිහිං "බුදු අම්මෝ සාජහාන්ගේ ආදරේ..මට බෑනේ මගේ ආදරේ වෙනුවෙන් මෙහෙම එකක් කරන්න" කියලා හූල්ල හූල්ල එන්නේ. හැබැයි ඔය ටජ් මහල් ගැන ඉන්දීයාවත් වහං කරගෙන ඉන්න  ඉතිහාසය ගැන පරීක්ෂණ කරපු අය හොයාගත්තු කතා ටිකක් තියෙනවා ඒ අතරින් පළවෙනි ඇස් උඩයන කථාව තමයි ටාජ් මහල් හැදුවේ සාජහාන් නෙවෙයි කියන එක. සාජහාන් අග්‍රා ප්‍රදේශය අල්ල ගන්න කලින් මේ ටජ් මහල ශිව දෙවියන්ගේ කෝවිලක්.පස්සේ ඒ  කාලේ එහේ පාලනය කරපු රාජ්පුට් ලාට එරෙහිව යුද්ධ කරලා අග්‍රා ප්‍රදේශය අල්ලගත්ත සාජහාන් රජතුමා ටජ් මහල රහසක් විදිහට තියාගෙන ඉඳලා තියෙනවා. වහාම මේ සථානයේ තිබුන ශිව දෙවියන්ගේ පිළිම ආදිය අයින් කරපු සාජහාන් රජු ඒ පිළිම ආදිය වෙනම කාමරයකට දාලා වැහුවා කියලා තමයි කියන්නේ.පස්සේ කාලෙක මේ ටජ් මහලින් හිස නැති ශිව පිළිමයක් පවා හොයාගෙන තියෙනවා.මේක සොහොන් ගෙයක් නම් ඇයි වහපු කාමර තියෙන්නේ කියලා.ඉතිසාසඥයෝ ප්‍රශ්ණ කරනවා. 


මේ කාමර විවෘත කරන එක  ඉන්දීය රජය විසින් තහනම් කරලා තියෙනවා කියලයි කියන්නේ.මොකද එහෙම වුනොත් මළවුන් දහස් ගාණක් නැගිටියි කියලා අග්‍රා වල පැතිර ගිය කථාවක් තියෙනවාලු. මේ නිසා රජය වුනත් මේක අරින්න බයයි.ඒ විතරක් නෙවෙයි මේ කථාව ලිව්වා මහචාර්ය පී.එන් ඕක් කියලා කෙනෙක් The Truth of Taj Mahal කියන පොතේ. ඒ පොතත් රජය විසින් තහනම් කරලා.


ඉන්දියාවේ ළමයින්ට උගන්වන්නේ ටජ් මහල් හදන්න සාජහාන්ට අවුරුදු 22 ක්  ගතවුනා කම්කරුවෝ 20000 ක් විතර වැඩ කලා  කියලා. ඒත් ඉන්දියා‍වේ වරින් වර සංචාරය කරපු දේශ ගවේශකයෝ සහ ඉතිහාස පර්යේෂකයෝ  දක්වලා තියෙන තොරතුරු අනුව ටජ් මහල කියන් ගොඩනැගිල්ල සාජහාන් ‍අග්‍රා වල බලය අල්ල ගන්න ගොඩාක් කාලෙකට කලින් කරලා තියෙන ගොඩනැගිල්ලක් කියලා කාබන් පර්යේෂන වලින් හොයාගෙන ඉවරයි.

ටජ් මහල ගැන කියනකොට කියන්නේ සාජහාන් රජු හැමදාම හවසට යමුනා ගඟ අයිනේ තියෙන මේ ටජ් මහලට ඇවිත් රෑ වෙනකල් තමන්ගේ ආදරණිය බිරිඳ ගැන හිතලා කඳුළු සැලුවයි කියලා. මේවා ඔක්කොම සුරංගනා කතා විතරයි. එයා එහෙම කළේ නෑ. මුම්ටාස් මැරුණට පසසේ මුම්ටාස්ගේ නංගිව අඹු කමට අරං කම් සැප වින්දා අපිට ටජ් මහල් පෙන්නලා. ප්‍රේමය අර්ථයක් දෙන්න සාජාහාන් කරපු පැහැරගැනීම සාහසිකයි.මෙහෙම ගත්තම අද ප්‍රේමයේ මහා සංකේතය  කියලා අපි කියන්නේ මහා ප්‍රෝඩාවකට. වංචාවකට.

බිත්ති වල ඇති ඔ්ම් මල්
ටජ්මහලක් තනවන්න බෑ මට ඔබෙ සෙනෙහස‍ට හිමි - හිස අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී කියලා ජෝතිපාල තමන්ගේ දුප්පත් කම පෙන්වන්න  ගැයුවට ඇත්තටම මේ සිංදුවෙන් ටජ් මහල දෙකේ  කොලේට දාලා තියෙන්නේ. ඇයි ටජ් මහලට වැඩිය ජෝතිපාල කියන ආදරේ විශාලයි. ඒක හිස් අහසේ ගෑවෙනවා. සාජාහාන් ගේ ප්‍රෝඩාවට වැඩිය ජෝතිපාලගේ ආදරේ විශාලයි.ඇත්ත මොකක්ද කියලා හරියටම ඉන්දියාවත් හෙළි කරන්නේ නැත්තේ ඇත්ත එළිවුනොත් අර ටජ් මහලේ තියෙන Romantic ගතිය කුඩු පට්ටම් වෙන නිසා වෙන්න ඇති. එහෙම වුණා නම් මේක ලෝක පුදුමයක් නෙවෙයි ලෝක හොරකමක්.මේ නිසා තව තව ඉන්දියාවට අවශ්‍යයි මේක ආදරයේ මහා සංකේතය විදිහට Market කරන්න. ඒ නිසා තව තවත් කාලයක් මේකේ ඇත්ත හංගාගෙන ඉඳියි.
 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy