යාපනේ රස කෑම කොළඹට - Jaffna food festival

2021-04-19




යාපනේ කෑම කියන්නේ වෙනම food culture එකක්. ඉඳලා හිටලා යාපනේ ගියත් අපිට ඒ් සාම්ප්‍රදායික  කෑම වර්ග ඔක්කොම එකපාර රස බලන්න වෙන්නේ නෑ. මොකද ඔක්කොම කෑම එකම තැනකදි ගන්න බැරි නිසා. එහෙම  යාපනේ ගිහිල්ලා වත්  ඔක්කොම වගේ කෑම වර්ග එකම තැනකින් කන්න බැරි වුනත් දැන් කොළඹදී මේ අවස්ථාව ලබාගන්න පුළුවන්. 

යාපනේ සාම්ප්‍රදායික කෑම වර්ග ඔක්කොම වගේ තියෙන තැනක් තමයි Jaffna food festival කියන්නේ. මේක තියෙන්නේ අප්‍රේල් 23, 24 සහ 25 කියන දවස්වල වත්තල Pegasus Reef හෝටලයේ.  ඇත්තටම මේක අමුතුම අළුත්ම අත්දැකීමක් වෙයි ඔයාට. යාපනේ ගිහිල්ලවත් හොයාගන්න බැරි රසවත් සාම්ප්‍රදායික ආහාර වර්ග ගොඩාක් මෙතන තියෙනවා. පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක එකතු  වෙලා වෙනස්ම අත්දැකීමක් විදින්න තියෙන නියම අවස්ථාවක් තමයි මේ Jaffna food festival එක.

මේ අතිශය රසවත් යාපනේ සාම්ප්‍රදායික කෑම වර්ග කොළඹදි  රස විඳින්න ලැබිලත් මේ අවස්ථාව මඟහරින්න එපා. අවුරුද්දෙන් පස්සේ එන ඊළඟ weekend එක ගත කරන්න තියෙන හොඳම විදිහ තමයි Jaffna food festival යන එක.
මේ Jaffna food festival එකේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2850/-යි. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද  අකුරටම පිළිපදිමින් තමයි මේ food festival එක තියෙන්නේ. ඒ් නිසා සීමා සහිත පිරිසකට විතරයි මේ අවස්ථාවකට එන්න පුළුවන්. අමතක කරන්නේ නැතුව දැන්ම 0766644202 ට  කථා කරලා ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගන්න. 
 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy