Coca cola බීලා මැරලින් මොන්රෝ ව Kiss කරන්න

2020-12-01




Coca cola ඉස්සෙල්ලම හැදුවේ සිසිල් බීම විදහට නෙවෙයි. හිසරදයට ගන්න බෙහෙතක් විදිහට. ජොන් ස්ටිත් පෙම්බර්ටන්   කියන ඖෂධවේදියා තමයි මුලින්ම Coca cola හැදුවේ. එහෙම හදලා 1886  තමයි  ෆාමසි වලට මේක මුලින්ම දැම්මේ. ඇඩ්වර්ටයිස් කලේ "හිසරදයෙන් මිදෙන්න  Coca cola" කියලා හැබැයි ඒ් මුලූ අවුරුද්දෙම  ඇමරිකාව පුරාම Coca cola බෝතල් 25යි විකිණුනේ. ඒත් අද වෙනකොට ලෝකේ පුරා දවසකට Coca cola බෝතල් බිලියන1.8 ක් විකිණෙනවා. 

ඒ් කාලේ එයාගේ ගිණුම් ලිපිකාරයා  වෙලා හිටපු ෆ්‍රෑන්ක් එම් රොබින්සන් තමයි මේකට Coca colaකියලා නම දාලා ලෝගෝ එක හදන්නේ  .  මහන්සිවෙලා මේක හොයාගත්ත ජොන් ස්ටිත් පෙම්බර්ටන්  පළවෙනි අවුරුද්දෙන්  පස්සේ වැඩේ අතාරිනවා පාඩු නිසා. ඊට කාලෙකට පස්සේ අර නම දැම්ම රොබින්සන් Coca cola ආපහු Market කළා එයාගේ බ්‍රෑන්ඩ් එකක් විදිහට. වැඩේ ටිකක් සාර්තක වුනත් රොබින්සන්ට වැඩේ දියුණු කරන්න විදිහක් නෑ.  රොබින්සන් අවසානයේ Coca cola රසපි එක සහ නම ඩොලර් 2500 කට  විකුණනවා ග්‍රිස් කැන්ඩ්ලර් කියලා බිස්නස්කාරයෙකුට. 

ග්‍රිස් කැන්ඩ්ලර් මේ හිසරදයට හදපු බෙහෙත Soft drink එකක් හැටියට ඇඩ්වර්ටයිස් කරනවා. පලවෙනි ඇඩ් එකේ කියන්නේ "Coca Cola. Delicious! Refreshing! Exhilarating! Invigorating!" (නැවුම් බව සහ ප්‍රබෝධමත් බව මෙන්ම රසවත් ) කියලා. එයා මේ බීම වර්ගය තියන්නේ ෆාමසි වල නෙවෙයි. රෙස්ටුරන්ට් වල. ඇමරිකාව පුරාම ක්‍රියාත්මක කරපු දැවැන්ත ඇඩ්වර්ටයිසිං කැම්පේන් වලින් මේ අමුතු බීමට මිනිස්සු ඇබ්බැහි කරගන්න ග්‍රිස් කැන්ඩ්ලර්ට පුළුවන් වෙනවා. එයා තනිකරම ගහන්නේ ඇඩ්වර්ටයිසිං ගේමක්. 

එයා Coca Cola ඒ් වෙනකොට රැල්ලක් වෙලා තිබුන පොප් කල්චර් එකේ එල්ලනවා. ඒ් කියන්නේ ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් බවට Coca Cola පත් කරනවා. ඒ් වෙනකොට ගායන ලෝකය ජනප්‍රියම තරුව එල්විස් ප්‍රෙස්ලි, රිදී තිරයේ ගිණි සිලුව මැරලින් මොන්රෝ වගේ ජනප්‍රිය සංස්කෘතිය එක්ක Coca Cola බ්‍රෑන්ඩ් එක අමුණනවා. මුලු ඇමරිකාව පුරාම විශාල දැන්වීම් පුවරු වල මැරලින් මොන්රෝ Coca Cola බෝතලයක් කට තියාගෙන බොන පිංතූරයක් දාලා කියනවා Coca Cola බෝතලයක් බොනවා කියන්නේ මැරලින් මොන්රෝ ව කිස් කලා වගේ එකක් කියලා. ඒ්කෙන් කියවුනේ මැරලින් මොන්රෝ මේ කට තියාගෙන බොන බෝතලේ හිස් වුනාම ඒ්ක ආපහු පුරවලා ආවම බොන කෙනා මොන්රෝව කිස් කළ වාගේ කියලා. ඉතිං පිරිමි පෙරලාගෙන කොකා කෝලා බොන්න ගත්තා අර  මැරලින් මොන්රෝ බිව්ව බෝතලේ තමන්ට අහුවෙයි කියලා හිතාගෙන. ඒ් වගේම එල්විස් ප්‍රෙස්ලි ව දාලත් "I've kissed ELVIS" කියලා ඇඩ්වර්ටයිස් කළාම ගැහැණු ඉක්මනට Coca Cola වලට ආකර්ශනය වුනා. එයාලට නොකියා කිව්වෙත් ඔයා බොන ඊළඟ Coca Cola බෝතලේ එල්විස් ප්‍රෙස්ලි කට තියලා බිව්ව එක වෙන්න පුලුවන් කියලා.

කොහොම වුනත් මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම සහ වැඩියෙන්ම අලෙවි වන පානය වෙන්නේ කොකා කෝලා.  මේ වෙනකොට ලෝකේ කොහේ හරි තැනක හැම තත්පරයකම අඩුම ගානේ එක්කෙනෙක් හරි කොකා කෝලා බොනවා. 

හැබැයි ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අති දැවැන්ත කොකාකෝලා සන්නාමයට දුන්නා රිදෙන්න පාපන්දු ප්‍රහාරයක්. ඒ් Euro 2020 පාපන්දු තරඟාවලියේ මාධ්‍ය හමුවේ මේසේ උඩ තියලා තිබුන කොකා කෝලා බෝතල් දෙක අයින් කරලා පැත්තකට දාලා වතුර බොන්න කියලා කියපු එක. රොනාල්ඩෝ ගේ මේ හිතුවක්කාර වැඩේ නිසා කොකා කෝලා බ්‍රෑන්ඩ් එක කොටස් වෙළඳ පළ අගය ඩොලර් බිලියන 5කින් පහතට වැටුනා.






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy