2022දී මහනුවරට කේබල් කාර්

2020-11-30




හන්තාන කන්ද සහ මහනුවර අතර කේබල් කාර් ව්‍යාපෘතිය ලබන වසරේදී ඇරඹිමට නියමිතයි.  

මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය හිමිකර ගැනීමට 71 හැවිරිදි කොරියානු ව්‍යවසායකයෙකු වන Yoo Sun-ha සමත් වී ඇති බව වාර්තා වෙයි . ඔහු Sky Asia සමාගමේ සභාපතිවරයා වේ.

COVID-19 වසංගතය මධ්‍යයේ පවා මෙහි ඉදිකිරීම් කටයුතු එළඹෙන වසරේ දී ආරම්භ කිරීමට නියමිත අතර එය 2022 අගභාගයේ දී විවෘත වනු ඇතැයි මේ පිළිබඳ වාර්තා කරමින් Korean Herald පුවත් සේවය වැඩිදුරටත් කියා සිටී.

මහනුවර නගරය හා හන්තාන කඳුමුදුන යා කරමින් ඉදිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය කිලෝමීටර 2.2ක දුරකින් යුක්ත වේ.

මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 35 කි.

Sky Asia හි සභාපති Yoo Sun-ha පසුගිය දා කොරියාවේ සෝල් නුවර දී Korean Herald පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහනුවර කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව අදහස් දක්වා තිබේ 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy