තෙල් ගහනකොට හොර කරන හැටි

2020-11-29




වාහනයකට ඉන්ධන ලබාගනිද්දි ඕනෑම රියදුරෙක් ගේ ඇස් දෙක තියෙන්නේ මීටරය මත. මොකද ඒ මීටරයෙන් වාහනයට පොම්ප කරන තෙල් ප්‍රමාණය සහ එහි වටිනාකම සටහන් වෙනවා. අපි ගෙවන මුදල එහි සටහන් වුණාම නියමිත තෙල් ප්‍රමාණය වාහනයට ඇතුළත් කළා කියලා හිතනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ.ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වසර තිහකට අධික කාලයක් පළපුරුද්ද සහිත නිලධාරියෙක්   පුවත්පතකට මේ ගැන හෙළි කරලා තිබුණා.


ලංකාවේ ගොඩාක් ෂෙඩ් වල හොර කරනවා 

“ පෙට්‍රෝලියම් එකේ ෂෙඩ් 1200 ක් විතර ලංකාවේ තියෙනවා . මේවා බොහොමයකින් ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. ලංකාවේ ගොඩාක් ෂෙඩ් වලින් ගෙව ප්‍රමාණයට ඉන්ධන පොම්ප කරන්නේ නෑ. මං හිතන්නේ මේකට වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සහ සංස්ථාවේ ප්‍රාදේශිය පරිපාලනය සහ සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.

ලංකාවට ගේන ඕනම පොම්පයක් ඉන්ධන හලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන.මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව.ඒ දෙපාර්තෙමේන්තුවේ අනුමැතිය නැතිව කිසිම පිරවුම්හලක පොම්පයකින් ඉන්ධන නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩාක් පොම්ප වල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු තියෙනවා. එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ් වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමිලේ. ඒ නිසා එතන තරඟයක් ඇති වුනා.අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එක්ක හැප්පෙන්න. අවසානයේදී අපිත් ඉන්ධන හල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා අඩු මුදලට බාල පොම්ප ගෙන්නලා ෂෙඩ් වල හයි කළා. ඇත්තටම සෙල්ලම් බඩු වගේ ඒවා මේවා.මේ පොම්ප එකක් වත් සීල් කරලා නෑ. මොකද අර කිරුම් මිනුම් එකේ මාදිලි අනුමැතියට දාලා නෑ.තවත් එකක් කිරුම් මිනුම් එකෙන් මේවා සීල් කළත් ඒ සීල් සංස්ථාවේ නිලධාරින් අතින් ගැලවෙන්න පුළුවන්.එහෙම වුන හැම වෙලාවකම කිරුම් මිනුම් එකෙන් ෂෙඩ් වලට ඇවිත් පොම්ප සීල් කරන්නේ නෑ. මොකද එයාලගේ නිලධාරීන් ඉන්නේ ටික දෙනයි.වාහන හිඟයි.ඒත් එහෙම කියලා කිරුම් මිනුම් එකට නිදහස් වෙන්න බෑ.

කැලිබ්රේට් එකෙන් අඩු වැඩි කරන්න පුළුවන්

“ඔය තෙල් පොම්ප වල කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. ඒකට කියන්නේ “කැලිබරේට්“ කරනවා කියලා.ඔය කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ.ඒක අඩු වැඩි කරන්න පුළුවන්.මේ කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ ගොඩාක් තැන්වල වෙන්නේ. උදාහරණයක් විදිහට ඉන්ධන ලීටර් හතරහමාරක් එළියට යනකොට අර “කැලිබරේට්“ එකෙන් එක් ලීටර් 5ක් විදිහට පෙන්වන්න හදන්න පුළුවන්.
මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ පොම්පය ඇතුළේ.මේ කොටසයි සීල් කල යුත්තේ.මේක සීල් කරන්නේ කිරුම් මිනුම් එකයි, තෙල් සංස්ථාවයි එකතු වෙලා.කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. ඒක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ.නීතිය එහෙම වුනත් මං අර කලිං  කිව්වා වගේ ගොඩාක් පොම්ප වල මේ සීල් එක නෑ. තෙල් සංස්ථාවේ ප්‍රාදේශිය කාර්යාල 9ක් තියෙනවා. මේවාට ෂෙඩ් හිමිකරුවන්ගෙන් පැමිණිලි එනවා තෙල් වැඩියෙන් යනවා කියලා. ඉතින් අර සංස්ථා නිලධාරින් යනවා ෂෙඩ් එක චෙක් කරන්න.එහෙම ගිහිල්ලා සීල් කඩලා කැලිබරේට් යුනිට් එක එජස් කරනවා. මෙහෙම කරද්දි ඉතිං තිරය පිටිපස්සේ තව කථා ගොඩාක් සිදු වෙනවා. අවසානයේ ඉන්ධන හල් හිමියට වාසි වෙන විදිහට හැම දෙයක්ම සිදු වෙනවා.

 

සැකයි නම් ගහපු තෙල් ප්‍රමාණය මනින්නේ කෙහොමද ?

තමන් ලබාගන්න ඉන්ධන ප්‍රමාණය ගැන පාරිභෝගිකයින්ට සැකයි නම් ඒවා මනින්න වෙනම ඒකකයක් හැම පිරවුම්හලකම තිබිය යුතුයි. ඒක සුදු යකඩින් හදපු කෑන් එකක්. ඒකට ලීටර් 5ක් දාන්න පුළුවන්.ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා.උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නේ.හැබැයි දැන් තියෙන සමහර පිරවුම් හල් වල මේ ටෙස්ටින් කෑන් එකත් වෙනස් කරනවා.මොකද මේ කැන් එක ගොඩාකැ තැන්වල පතුලෙන් උඩට උස්සනවා. ඒ ගාන මීටරෙන් බැලන්ස් කරලා තියෙන්නේ. එහෙම පරීක්ෂාවකට යනවා නම් පතුලෙන් උඩට උස්සපු නැති සුදු යකඩ ටෙස්ටින් කෑන් එකක් ඉල්ලන්න. හැබැයි මේ කියන සුදු යකඩ භාජනය හැම ඉන්ධන පිරවුම් හලකම නෑ






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy