LA LA LAND - BATHTHRAMULLA


බත්තරමුල්ල දියත උයන කිට්ටුව දියවන්නාව අද්දර  තියෙන  la la land එකට ගිහිං තියෙනවාද? . දියත උයනට යන ඔයාට  පාරුවෙන් දියත ස්ටේෂන් අවන්හලට යන්න පුලුවන්. ඒ් අවන්හලට එහා පැත්තේ තමයි මේ  la la land තියෙන්නේ. 

මහ විශාල ඉඩකඩක් නොවුනත් පුංචි ළමන්ට වගේම වැඩිහිටියන්ට ගිහිල්ලා විනෝද වෙන්න අංග ගොඩාක් මෙතන තියෙනවා. Viking Ship
Carnival,Euro Jumper, Merry Go Round, UFO Bumper Car විතරක් නෙවෙයි තෑගි දිනන්නත් පුංචි පුංචි අවස්ථා ගොඩාක් මේ la la land එකේ තියෙනවා.

Enterence Ticket එක රුපියල් 100 යි . ඊට පස්සේ Viking Ship, Carnival,Euro Jumper, Merry Go Round, UFO Bumper Car වගේ ඒ්වට වෙන වෙනම ටිකට් ගන්න ඔ්න.  රුපියල් 200 ඉඳලා 400 වගේ ටිකට් වලට මේ අංග වලට යන්න පුලුවන්. මීට අමතරව තව තව පුංචි පුංචි games ගොඩාක් තියෙනවා.  Viking Ship උඩට පහලට යන එක වෙනම අත්දැකීමක්. දියවන්නාව අයිනේ පාවෙන නැවක උඩ පහල යන්න තියෙන එක අමුතුම ඇඟට දැනෙන වැඩක්. Euro Jumper කියන්නේ කේබල් වල එල්ලිලා උඩ පැද්දි පැද්දි ඉන්න පුළුවන් වෙනම ආතල් එකක්.  

මෙතන වෙනමම එක එක විදිහට හදලා Photo zones තියෙනවා. කට්ටියට Selfie ගහන්න. Tik tok කරන්න මෙතන නියම තැනක්.  
 ආකර්ශණිය විදිහට හදලා තියෙන la la land එක කොළඹ කිට්ටුව පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් විනෝද වෙන්න පුළුවන් තැනක්. දියත උයනට ගිහිං  පාරුවෙන් එගොඩ වෙලා දියත ස්ටේෂන් එක එහා පැත්තේ තියෙන  la la land එක හොයාගන්න අමාරු නෑ. සතියේ දවස්වල ඒ් කියන්නේ සඳුදා ඉඳලා  බ්‍රහස්පතින්දා වෙනකල් හවස 3 ඉඳලා රෑ 10  වෙනකල් මෙතන විවෘතයි. සිකුරාදා ඉඳලා ඉරිදා දක්වා දවල් 1 ඉඳලා මෙතන විවෘතයි. මේ නිසා පහසු දවසක විනෝද වෙන්න  la la land මරු තැනක්. 

වැඩි විස්තර දැනගන්න පුළුවන් 0113431212 කියන දුරකථන අංකයෙන්. 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කටට රහට කන්න තැනක්

බඩු පැලෙන්න අමුතු කෑම කන්න තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy