LAY by RIVER


නිවාඩුවක ඇත්තම නිදහස තියෙන්නේ  ලොකු හෝටල් වල කොන්ක්‍රීට් බිත්ති අතර නෙවෙයි. ගඟක්  අයිනේ ගහකොළ අතර ඇඟට දැනෙන නිවාඩුවක් ගත කරන්න කවුරුත් කැමතියි. එහෙම ෆන් එකකට කැමති අයට මේක තමයි තැන.

මේක තියෙන්නේ දඹුල්ලේ.   නම  Lay By River. මේක තියෙන්නේ දඹුලු ඔයට මායිම් වෙලා. දඹුලු ඔයේ  බැහැලා නාන්න පුළුවන් පරිස්සම් තැනක් කිට්ටුවම තියෙන නිසා බය නැතුව නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන මරු. අවට වටපිටාවේ වෙන අය කවුරුත් මේ නාන තැනට එන්නේ නැති නිසා ඔයාලට ඔයාගේ Privacy එක උපරිමව තියාගන්න පුළුවන්. 

මේ  Lay By River එක 8 දෙනෙක් 10 දෙනෙක් වගේ පුංචි ටීම් එකකට මරු. ගඟ අයිනේ BBQ පාරක් දාලා, Bonefire එකක් දාගෙන  සිංදුවක් කියලා  Chillඑකේ නිවාඩුව ගත කරන්න හරියටම හරියන හොඳම තැන තමයි මෙතන.

මෙතන කාමර තුනක් තියෙනවා.  කෑම බීම ගැන කිව්වොත් ඔයාට ඔ්න විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඔ්න නම් අවශ්‍ය දේවල් ගෙනල්ලා දුන්නොත් කියලා හදවා ගන්නත් පුළුවන්. අයකරන්නෙත් ඉතාම අඩු මුදලක් නිසා අතේ තියෙන ගානට හිතේ හැටියට ෆන් එකක් ගන්න හරියන තැන තමයි Lay By River කියන්නේ. 

දඹුල්ල කියන්නේ Travel Hub එකක්. මොකද අනුරාධපුර, පොළාන්නරුව, මහනුවර, මාතලේ , යාපනය, ත්‍රිකුණාමලය වගේ ඔ්නම පැත්තකට Trip එකක් යනවා නම්  යන්නේ දඹුල්ල හරහා. අනික දඹුල්ලේ වුනත් බලන්න දේවල් ගොඩායි රන්ගිරි දඹුලු රජ මහා විහාරය, දඹුලු ගල , සීගිරිය , පිදුරංගල , කන්ඩලම වැව , නාලන්දා ගෙඩි ගේ , දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, , හබරණ අලි නරඹන    ස්ථානය වගේ තැන් වලට පහසුවෙන් යන්න පුළුවන් නිසා

ඊළඟ නිවාඩුව ඔයාගේ තැනක් වගේ නිදහසේ ගත කරන්න.  මෙතන වෙන් කරගන්න ඕන නම් කථා කරන්න 773673785 ට හරි එහෙම නැත්තං 0718 097 635 ට
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිවාඩුවට අගමැති බංගලාවක්

කැලේමැද පැල්පතක නිවාඩුවක්


Make Online Inquiry




Location



Address

No 174
Kiralagolla Farm Road - Dambulla

Phone

773673785





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy