LOOLKADURA ESTATE


ලංකාව තේ වලට ප්‍රසිද්ධ වුනාට තේ කියන්නේ අපිට අවේණික බෝගයක් නෙවෙයි. එතකොට ලංකාවට තේ ගෙනාවේ කවුද? ඒ්ක ලස්සන කථාවක්. 
ජේම්ස් ටේලර් කියන ස්කොට්ලන්ත ජාතිකයා සිඩ්නි කියන නැවෙන් 1842 දි විතර ලංකාවට එන්නේ ලංකාවේ කෝපි හිටවන්න බලාගෙන. එතකොට එයාට වයස අවුරුදු 17 යි. ඒ් ඇවිල්ලා එයා මහනුවර ඉඳලා කිලෝමීටර් 35ක් විතර දුරින් තියෙන අද දෙල්තොට කියන පැත්තේ කෝපි වගාවක් පටං ගන්නවා. අක්කර 19ක කෝපි හිටවන ජේම්ස් ටේලර් මුල්න තේගස් කීපයක් හිටවලා බලනවා. ඒ්වා සරුවට වැවෙනකොට එයා ඒ් කිට්ටුවම අක්කර 5ක තේ හිටවන්න ගන්නවා. මුලදි තේ දළු කඩාගෙන ඇවිල්ලා එයා‌ගෙ ගෙදරදි වේලලා තමයි පස්සේ පිටරට යවලා තියෙන්නේ. 

ජේම්ස් ටේලර් ගේ තේ වත්ත අද ලූල්කඳුර වත්ත කියලා හදුන්වන්නේ. මේක හොඳ සංචාරක ස්ථානයක්. ‌ජේම්ස් ටේලර් ගේ පිළිරුවක් අදටත් ලුල්කදුර වත්තේ තියෙනවා. ඒ විතරක් නොවෙයි මේ කිව්ව ඉතිහාස කථා වත් විශාල පුවරුවක සඳහන් කරලා තියෙනවා.ටේලර් මහත්තයා මේ ලුල්කඳුර  වත්තේ කදු මුදුනක   කැලෑවක් මැද  නිවසක් හදාගෙන හිටියා කියලා තමයි කියන්නේ. ඒ  ගේ  තිබුන තැනට අද ගියොත්  ඒ ගේ දකින්න නෑ. ඒත් ගේ ඇතුලේ උණුසුම රැක දෙන්න භාවිත කරපු චිමිනිය  සහිත කුළුන නම් තවම තියෙනවා. ඒ් වගේම ජේම්ස් ටේලර් පාවිච්චි කරපු ළිඳත් අද දකින්න පුලුවන්. (උඩ තියෙන Picture Gallery එකේ පිංතූර තියෙනවා )

ඒ විතරක් නෙවෙයි අර ප්‍රසිද්ධ Lipton seat වගේ ජේම්ස් ටේලර් මහත්තයා වාඩි වෙලා තමන්ගේ තේවත්ත දිහා බලාගෙන හිටපු Teylor Seat  එකත් ඒ් පැත්තේ තියෙන ලස්සන සංචාරක ස්ථානයක්. අවට වටපිටාව හොඳට පේන කඳු මුදුනක හදලා තියෙන මේ  ආසනයේ වාඩිවෙලා ටේලර් මහත්තයා තමන්ගෙම වත්තෙන් කඩා ගත්තු  තේ දළුවලින් හැදු උණුසුම් තේ කෝප්පයක් රස විඳින්න ඇති කියලා ඒ ආසනේ දකින කාටත් හිතෙන දෙයක්.

මහනුවර නගරයේ ඉඳලා  කිලෝමීටර් 30 ක් විතර දුරින්.හරියටම ගත්තොත් මහනුවර නුවර එළිය දිස්ත්‍රික්ක සීමාවේ තමයි   දෙල්තොට  පිහිටලා තියෙන්නේ. මහනුවර ඉඳලා එනවා නම් මෙතන්ට එන්න පාරවල් තුනක් තියෙනවා. එකක් පේරාදෙණිය මහකන්ද ගලහ පැත්තෙන් එන්න පුළුවන් ඒ පැත්තෙන් ආවොත් කිලෝමීටර් 34 ක් විතර දුර එන්න වෙනවා. අනිත් පාර තලාතුඔය බෙල්වුඩ් පැත්තෙන් තියෙන්නේ.ඒ පාර කිලෝමීටර් 29 ක් දුරයි.තලාතුඔය මාරස්සන වාඩියගොඩ පැත්තෙන් මෙතන්ට ආවොත්  කිලෝමීටර් 39 ක වගේ දුරක් තියෙන්නේ.

මේ කොහොම ආවත් කිලෝමීටර් විසි ගාණක් ගෙවාගෙන ආවාට පාඩු නෑ  කියලා හිතෙන තරම් සුන්දර තැනක් තමයි මේ දෙල්තොට කියන්නේ . නුවරඑළියේ දේශගුණයට අතිශයින් සමාන දේශගුණයක්  මෙහේ තියෙන්නේ.එ නිසා සීතලට හරියන ඇඳුමක් ඇඳගෙන යන එක හොඳයි. දෙල්තොට කියන්නේ සිංහල සහ දමිල ජනතාව මිශ්‍ර වුන බහු සංස්කෘතික ජන පදනමක් තියෙන පුංචි නගරයක්.


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සපිරි මහනුවර සුපිරි නිවාඩුවකට

වළාකුළු වලටත් උඩින් නවතින්න තැනක්

RATHNA ELLA

Kandy
රාවණා දිය කෙළිය රත්න ඇල්ල





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy