SAYON RIVER COTTAGE @ WALLAWAYA


වැල්ලවායේ කිරිඳි ඔය අද්දර නිදහසේ ගහට කොළට ලංවෙලා නිවාඩුවක් ගත කරන්න තියෙන  හොඳම තැන තමයි මේ. Sayon River Cottage & Eco garden කියලා හදුන්වන මේ place එක අනිත් තැන් වලට වඩා අමුතුම නිදහසක් තියෙන  තැනක්. 

මෙතන වෙන පරිසර හිතකාමී විදිහට හදපු   cottages 3ක් තියෙනවා. හැම  cottage එකකටම Private  tree house එකක් හරි private deck  එකක් හරි තියෙනවා කිරිඳිඔය පැත්තට සහ කැලේ පැත්තට මුහුණ දාලා. 

මෙතන තියෙන විශේෂම දේ තමයි පරිසරය ගහ කොළ අතර නිදහසේ නිවාඩුවක් ගතකරන්න ලැබෙන එක. නිදහස කියන එක කොයිතරම් තියෙනවාද කිව්වොත් අඩුම ගානේ හෝටලයේ සේවකයෙක් වත් ඔයාලගේ cottage පැත්තටවත් එන්නේ නෑ  කලින් අවසර ගන්නේ නැතුව. ඒ් තරම් උපරිම නිදහසක් විඳින්න තියෙන තැනක් මෙතන. 

මේ Villa එකට  වැල්ලවාය තණමල්විල පාරේ ගිහින් හදපානගල වැවට යන පාරේ තමයි යන්න තියෙන්නේ.  මෙතන තියෙනවා ඔයාලගේ කැමැත්ත අනුව  තෝරගන්න පුළුවන් cottages 3ක් තියෙනවා ඒ්වගේ විස්තර මෙහෙමයි

Cottage- No 1 
Room + Private Tree house

මේ කාමරය king size bed, fully AC, hot water, TV ,Tree house with Double bed, balcony, wash room නලික් ස මන්විතයි.

Cottage No 02 
Room+ Private deck
Room king size bed, AC, Hot water පහසුකම් වලින් සමන්විතයි.       මේකේ Deck එක Party එකකට වුනත් ඉඩ තියෙනවා. ඔයාලට කැමතිනම් එතන   Metreses වුනත් දාගෙන ඉන්න පුළුවන්. 


Cottage -3 (rate)
King size bed, AC , hot water වලින් සමන්විතයි 

Can provide extra bed for rooms 

අවශ්‍ය ආහාර පාන මිලදි ගන්න මෙතන Reastaurant එකෙන් පුලුවන්. අනික මේ Villa  එ‌කේ වවල තියෙන නැවුම් එළවලු සහ පළතුරු වල රස බලන්නත් ඔයාට මෙතනදි පුළුවන්. ඔයාලටම එළවලු හා පළතුරු වල ඵල නෙලාගන්න වගේ අමුතු අත්දැකීමක් විඳින්න මෙතන නියමයි.  දැන් දක්ෂිණ  අධිවේගී මාර්ගය නිසා කොළඹ ඉඳලා පැය තුනහමාරකින් විතර  වැල්ලවායට යන්න පූලුවන්. 

කට්ටිය එක්ක කිරිදි ඔයේ නාලා, ගිණිමැලයක් ගහලා BBQ පාරක් දාලා අමතක නොවෙන අත්දැකීමක් ගන්න නියම තැනක් තමයි මේ  Sayon River Cottage & Eco garden එක . 

මෙතන නැවතිලා බලන්න යන්න දේවල් ගොඩාක් තියෙනවා . මෙතන ඉඳලා සුන්දර හදපානාගල වැවට කිලෝමීටර් 2යි. බුදුරුවගලට කිලෝමීටර් 6යි.ඇල්ලවල ඇල්ලට කිලෝමීටර් 15යි.රාවණ ඇල්ලට කිලෝමීටර් 22යි. දියලුම ඇල්ලට කිලෝමීටර් 22යි.කතරගමට පැයයි. උඩවලව සෆාරි යන්න වුනත් පහසුයි. 

මෙතන හරිම නම්‍යශීලි සේවාවක් තියෙන්නේ යන අයට කැමති විදිහට අවශ්‍ය දේවල් සකසා ගන්න පුළුවන්. අර තරු පහේ හෝටල් වල වගේ ලොකු ලොකු නීති නෑ. ඔයාලගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය දේවල් කථා කරලා ලෑස්ති කරගන් පුළුවන්.  මෙතන ඔයාගේ ඊළඟ නිවාඩුවට වෙන් කරගන්නවා නම් කථා කරන්න 0718059076 න්  Dr Thilanka ට.


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


KUMBUK RIVER RESORT

Monaragala
කුඹුක්කන් ඔය අද්දර අමුතු නවාතැන


Make Online Inquiry




Location



Phone

0718059076

Email

sayonrivercottage@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy