DREAM VILLE - ELLA


රාවණාඇල්ල දිහා බලාගෙන සුන්දර නිවාඩුවක් ගත කරන්න නියම  අමුතුම තැනක් තමයි Dream Ville කියන්නේ. මේක අමුතුම concept එකකට හදපු තැනක්.මේක තියෙන්නේ ඇල්ලේ ඉඳලා කිලෝමීටර් 10ක් දුරින් පස්සර පාරේ. ඈතින් ලස්සනට රාවණඇල්ල පේන විදිහට හදලා තියෙන මේ සුන්දර නවාතැන ඇත්තමට අමුතු එකක්. සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට තමයි මේක  හදලා තියෙන්නේ. මේ පිංතූර බැලුවම මේක කොච්චර අමුතුද කියලා තේරෙයි ඔයාටම. 

මේ Dream Ville එකටම ඔයා 4WD වාහනේක  යනවා නම් මෙතන්ටම යන්න පුළුවන්. එහෙම නැත්තං Dream Ville එකට මීටර් 200ක විතර දුරින් තියෙන ආරක්ෂිත තැනක වාහනේ නවත්තලා මෙහෙන් දෙන වාහනේ  යන්න පුළුවන්. 

මෙතන ඉඳලා රාවණ ඇල්ලට යන්න පුළුවන්.  සීතල කඳුඅතර සුන්දර පාරකින් තමයි ඇල්ලට යන්න තියෙන්නේ. පුංචි සිරිපාදේ, සහ  9 arch වගේ ඒ්වා බලන්නත් මෙතනින් පහසුවේ යන්න පුලුවන්.  ඒ් වගේම මෙතනට කිලෝමීටර් 3ක් විතර දුරකින් නාන්න පුළුවන් වෙන සුන්දර දිය ඇල්ලක් තියෙනවා. ඒ් නිසා අමුතුම වෙනසක් දැනෙන සුන්දර නිවාඩුවකට මෙතන නියමයි. 

මෙතන අයකිරීම් වුනත් හරි සාධාරණයි. කට්ටිය 10 දෙනෙකුට 15 දෙනෙකුට නවතින්න පුළුවන් Hostel type එකට වෙනස් විදිහට හදපු කුටි මෙතන තියෙන්නේ. හැම කෙනෙකුටම වගේ නිදාගන්න තැන ඉඳලා රාවණ ඇල්ල බලන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ.

ඊළඟ නිවාඩුවට කට්ටිය එක්ක මෙතනට යනවා නම් ටිකක් කල් ඇතුව වෙන් කරගන්න අමතක කරන්න එපා. මොකද මෙතන ඉක්මනින් Book වෙන තැනක්.  එහෙම වෙන් කරගන්නවා නම් කථා කරන්න 0777918001 ට 
 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සුද්දන් මවිත කළ අප්පුහාමි ගේ වික්‍රමය

බෙලිහුල්ඔය සීතල නිවාඩුවක්

COUPLE එකකට ඇල්ලේ අමුතු නවාතැනක්

මඩොල්සිම පුංචි ලෝකාන්තය


Make Online Inquiry




Location



Address

7th milepost, Passara Road,
Ballaketuwa,Ella.

Phone

0777918001

Email

dreamville.ella@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy