MOUNT CASTLE @ HATTON


නුවරඑළියට කිට්ටු හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තක් පැත්තක් තමයි හැටන් කියන්නේ. නුවරඑළියේ තියෙන අධික ශීතල වෙනුවට හැටන් වල තියෙන්නේ දරාගන්න පුළුවන් ඇඟට දැනෙන දේශගුණයක්. මේ නිසා ගොඩාක් දෙනෙක් හැටන් වල නවාතැන් ගන්න ඉතාම කැමතියි. මොකද එක පැත්තකින් ඉක්මනට නුවරඑළියට යන්න පුළුවන් නිසා සහ ශ්‍රී පාදස්ථානය, මස්කෙළිය වගේ ප්‍රදේශවල සංචාරය කරන්න පුළුවන් නිසා.  මේ විදිහට නිවාඩුවක් විවේකයක් ගත කරන්න හැටන් යනවා නම් නතර වෙන්න පුළුවන් සියලු පහසුකම් තියෙන සුන්දර නවාතැනක් ගැන තමයි මේ කියන්නේ.

මේක ඇත්තටම හැටන් නගරයට ආසන්නයේ මනරම් කඳු මුදුනක ඉදිවුන මාළිගයක් කියලා කියන්න පුළුවන්. මේ නවාතැනේ නම Mount Castle. සුපිරි කාමර හතකින් යුත්මේ සුන්දර මන්දිරය අති නවීන ගෘහ උපකරණ සහ පහසුකම් වලින් යුක්තයි. අවට කඳු සහිත මනරම් ප්‍රදේශය දැකගන්න ඉතා හොඳ විවෘත අවකාශයක්, ඈත කඳු මුදුන් වල ඉදලා හමාගෙන ඉන සීතල සුළං පාරක් විඳින ගමන් හැටන් වල වැවෙන නැවුම් තේකොල වලින් හදපු රසවත් තේ එකක් රසවිඳින්න වගේ අමුතුම ආකාරයේ විවේකයක් ගත කරන්න මෙතනදි අවස්ථාව තියෙනවා.

ඒ් වගේම මෙතන නවතින්න එන අයට නවීනතම අංග සම්පූර්ණ Gym එකක කායවර්ධන ව්‍යායම කරන්නත් පහසුකම් සියල්ලම තියෙනවා. ඒ් සියල්ල නොමිලේ ලැබෙන්නේ.  

පවුලේ අයත් එක්ක යාලුවෝ එක්ක  හොඳ නිවාඩුවක් ගත කරන්න, Office එකේ කට්ටිය එක්ක Annual trip එක යන්න  වගේ දේවල් වලට මෙතන නියමයි.  මේ Mount Castle එකේ කාමර 7ම සියලු පහසුකම් වලින් යුක්තයි. මේ හැම කාමරයක්ම හාත්පස පේන විදිහට බැල්කනි එකක් දාලා TV ඇතුළු සියලු පහසුක්ම ඇතුව හදලා තියෙන්නේ. කෑම බීම හදන්න හොඳ පළපුරුදු කෝකියෝ දාලා තියෙන්න ඒ් නිසා මේ පැත්තේ වැවෙන නැවුම් එළවලු සහ පළතුරු වලින් රසයවත් ආහාරපාන එයාලා හදලා  දෙනවා. 

සියලු පහසුකම් සහිත මේ සුන්දර බංගලාව ඔබේ ඊළඟ නිවාඩුවට හරියටම හරියනවා. විස්තර දැනගන්න කථාකරන්න එහෙම නැත්තං whatsapp කරන්න  0777121776ට.   


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

BUNGALOW @ WATAWALA

Nuwara Eliya
තේ යායක් මුදුනේ නවතින්න

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්


Make Online Inquiry




Location



Phone

0777121776

Email

hotelmountcastle.hatton@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy