RAMBAS RESERVE @AWISSAWELLA


ගහට කොළට ස්වාභාවික පරිසරයට ඇත්තටම ආදරේ කරන අයට නිවාඩුවක් ගත කරන්න පුළුවන් කොළඹ කිට්ටුවෙන්ම තියෙන ලස්සනම තැනක් තමයි මේ. අවිස්සාවේල්ල පුවක්පිටියේ හේවාවින්නේ  පුංචි කැලයක් මැත තියෙන සුන්දරම නවාතැනක් තමයි මේ. මෙතන  Lodges දෙකක් තියෙනවා. Forest Lodge සහ Firefly Lodge කියලා.මේ හැම  Lodge එකකටම natural pool එකක් ගානේ  තියෙනවා.

Forest Lodge එකේ 7 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුළුවන්. මේකේ තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච කාමර දෙකක්. අවශ්‍ය නම් අමතර තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් එයාලට extra folding beds දෙන්න පුලුවන්. 

Firefly Lodge එකේ 4 දෙනෙකුට ඉන්න පුලුවන්.

මෙතන මිල ගණන් මෙහෙමයි
දෙන්නෙකුට වැඩි පිරිසක් ඉන්නවා නම් Breakfast and Lunch එක්ක එක්කෙනෙකුට රුපියල් 5400/-යි.  Dinner එක වෙනමම a-la carte menu එකෙන් Order කරලා ගන්න පුළුවන්. 

දෙන්නෙකුට විතරක් Lodge එක වෙන් කරගන්න ඔ්න නම් සති අන්තවල රුපියල් 12000/- යි. සතියේ දවස්වල රුපියල් 10000/- යි Night එකකට වෙන්නේ.  මේ පැකේජ් එකට කෑම වල මිළ ගණන් මෙහෙමයි lunch (set menu) 700/- (per head), Breakfast (set menu)  700/- (per head) Dinner එක a-la carte menu එකෙන් Order කරලා ගන්න පුළුවන්. 
Lunch වලට Check in වෙනවා නම් දවල් 12.00 ඉඳලා පස්සේ දවසේ breakfast වලින් පස්සේ උදේ 10.00ට check out වෙන්න ඔ්න.
Evening වලට Check in වෙනවා නම් හවස 5.00 ඉඳලා පස්සේ දවසේ lunch වලින් පස්සේ හවස 3.00 ට වගේ check out වෙන්න ඔ්න

මෙතන Lodges දෙකම එකම Team එකක් ගන්නවා නම් ඒ් කියන්නේ 10 දෙනෙකුට වැඩිය ඉන්නවා නම්  එයාලට අවශ්‍ය දේවල් අරං ඇවිල්ල මෙතන ඉන්න කෝකියාට දීලා අමතර ගෙවීමක් නැතුව උයාගන්න පුළූවන්. එහෙම Lodges දෙකම ගන්නවා නම් එක්කෙනෙක් ගෙන්  අයකිරීම වෙන්නේ රුපියල් 4000/- යි. 

මෙතන උපරිම 25 දෙනෙකුට  Day outings කරන්නත් පුළුවන්.  Day outings වලට අයකිරීම් මෙහෙමයි.
5 දෙනෙකුට අඩු කණ්ඩායමක් නම් රුපියල් 15000/- යි. මේ පැකේජ් එකට කෑම වෙනමම ගන්න ඔ්න. එක්කෙනෙකුට එක කෑම වේලක් රුපියල් 750/- යි.
6 දෙනෙකුට වැඩියි නම් එක්කෙනෙක් ගෙන් රුපියල් 3500/-යි 
10 දෙනෙකුට වැඩියි නම් එක්කෙනෙක් ගෙන් රුපියල් 3250/-  යි
15 දෙනෙකුට වැඩියි නම් එක්කෙනෙක් ගෙන් රුපියල් 3000/-යි.

6 දෙනෙකුට වැඩියි නම් welcome drink / changing room / lunch and tea and snack මේ ඔක්කොම ලැබෙනවා. 
Day outing එකට ඇවිල්ලා  උ‌දේ  9.00 ඉඳලා හවස  5.00 වෙනකල් ඉන්න පුළුවන්. 

කොළඹ අවිස්සාවේල්ල පාරේ පුවක්පිටියෙන් හැරිලා කිලෝමීටර් 9ක විතර දුරක් මෙතනට එන්න තියෙනවා. ඒ්කෙන් කිලෝමීටර් 2ක් විතර වනාන්තර පාරක් තියෙන්නේ. ඒ්කේ උසින් ගොඩාක් අඩු වාහන යන්න අමාරුයි. ඒ් වෙනුවට වාහනය ආරක්ෂිතව Park කරලා යන්න Shuttle service එකක් දෙන්න පුළුවන්. ඒ්කට අය කිරීමක් නෑ. 

යාළුවෝ කට්ටිය එක්ක පවුලේ අය එක්ක අමතක නොවෙන වනගත නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්. ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


බඩු පැලෙන්න අමුතු කෑම කන්න තැනක්

පීල්ලෙන් වතුර එන pool එකට පනින්න

අවිස්සාවේලෙන් DAY OUT එකක්

කොළඹ තියෙන නිස්කලංක වන උයන


Make Online Inquiry




Location



Address

Marambekanda Estate
Hewainna, Avissawella

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy