KUMBUK RIVER RESORT


සාම්ප්‍රදායික හෝටල් වලට වැඩිය වෙනස් අත්දැකීමක් විඳින්න කැමති අයට තියෙන නියම තැනක් තමයි මේ Kumbuk River කියන්නේ. මේ  අමුතුම හෝටලය තියෙන්නේ බුත්තල ඔක්කම්පිටිය පාරේ දඹේයාය ප්‍රදේශයේ . කුඹුක්කන් ඔයට ආසන්නව  තියෙන මේ හෝටලය ඇත්තටම වෙනස් එකක්. 
ඔයාගේ නිවාඩුවට වෙනසක් එකතු කරන්න කැමති නම් තෝරගන්න තියෙන නියම තැනක් තමයි මේක.

 කුඹුක්කන් ඔය අයිනේ ගහකොල වලින් වටවුන සුන්දර තැනක තමයි මේ නවාතැන තියෙන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි අර වෙනස් හෝටල් වල තියෙන එකම වාගේ කාමර වෙනුවට විවිධත්වයෙන් යුතු විවිධ තේමාවන්ගෙන් යුතු Villas කීපයක්ම තියෙන එක. මෙතනට එන  කෙනෙකුට තමන් කැමති, තමන්ට හරියන Villa එකක් තෝර ගන්න පුළුවන්.  මෙතන Villas 4ක් තියෙනවා. 

Elephant villa
මේ Villa එක ඇත්තටම විශේෂ එකක්. අඩි 40ක් විතර දිග දැවැන්ත අලියෙන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ අලියගේ ඇඟ ඇතුලේ තමයි Villa එක තියෙන්නේ. අලියගේ ඇඟ ඇතුළ තට්ටු දෙකකට බෙදලා තියෙනවා.  පහල තට්ටුව කෑම කන්න, වගේම විවේකාගාරයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. උඩ තට්ටුවේතමයි නිදන කාමරය සහ Bath rooms තියෙන්නේ.  

Tree luxuria
ගඟ අද්දර තියෙන ගස් දෙකක් කේන්ද්‍ර කරගෙන හදලා තියෙන Tree luxuria ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ඇඳ තියෙන  Villa එක කියලා කියන්න පුළුවන්. මේ  Villa එකේ ගඟ පැත්ත සම්පූර්ණයෙන්ම වීදුරු වලින් ආවරණය කරලා තියෙන නිසා අවට පරිසරය විඳින්න මේක නියම  Villa එකක්. මේ  Villa එකත් තට්ටු දෙකක  Villa එකක්. උඩ තට්ටුව සම්පූර්ණයෙන්ම විවෘත අවකාශයක් තියෙන්නේ. මේ නිසා අවට ගහකොළං වලින් සහ ඟගේ සිහිල් සුවය විඳින්න මේක නියම  Villa එකක්. 

Jungle cabin
ගඟ අද්දර නතර කර ඇති  පරණ 24 ශ්‍රී මොරිස් ලොරියක හදලා තියෙන Jungle cabin අමුතුම අත්දැකීමක්. මේ Jungle cabin එකත් සියලු පහසුකම් වලින් සමන්විත වෙනවා. ගඟ  සහ අවට වටපිටාව ලස්සනට පේන විදිහට හදපු Jungle cabin කැබින් එකත් වෙනස්ම ආකෘතියකට හදපු තැනක්.  එළිමහනේ ගඟ අද්දර ඉඳලා ආහාර ගන්න, සුවපහසුව තියෙන ලොරියක රැයක් ගත කරන්න Jungle cabin අමුතුම අත්දැකීමක්. 

Boat house
කුඹුක්කන් ඔයේ පාවෙන බෝට්ටු මත හදලා තියෙන Boat house කියන්නේ Kumbuk River වල තියෙන තවත් විශේෂ අත්දැකීමක්. විශේෂයෙන් Honeymoon වලට වගේ නියම තැනක් තමයි මේ Boat house එක. 

Elephant deluxe
මේකත් ගහට කොළට මුල් තැනක් දීලා හදලා තියෙන පරිසර හිතකාමී  Villa එකක්. ගහක් මැදි කරගෙන ඉදිකරලා තියෙන විශාල නාන කාමරය සහ එළිමහන් කලාපය මේ  Villa එක තව ආකර්ශණිය තැනක් කරනවා. 

ඒ්කාකාරී ජීවිතයෙන් මිදිලා වෙනසක් හොයාගෙන නිවාඩුවක් ගත කරන්න යනවා නම් මේක නියම තැනක්. කොළඹ ඉඳලා Southern Highway එකේ ඉක්මනට මෙතනට යන්න පුළුවන් නිසා මෙතන ඔයාගේ නිවාඩුව ගත කරන්න නියම තැනක්. මෙතන අපි මිල ගණන් සඳහන් කරන්නේ නෑ. ඒ්කට හේතුව තමයි season එක අනුව  Villa එක අනුව මේකේ මිළ ගණන් වෙනස් වීම. ඒ් නිසා ‌හොඳම දේ තමයි අපි දාලා තියෙන එයාලගේ වෙබ් සයිට් ඒකට ගිහිල්ලා බලන එක. 

@awidmuteam 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


කිරිඳිඔය අද්දර සුන්දර නිවාඩුවක්


Make Online Inquiry




Location



Address

Dambeyaya, Okkampitiya Rd
Buttala

Phone

077 045 5494

Email

reservations@kumbukriver.com

Website

https://www.kumbukriver.com/





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy