MARABEDDA GARDENS RESORT


වළාකුළු වලට ඉහළින් තැනක  රැයක් ගත කරන්න කැමතිනම් ඒ්කට හරියන එකම තැනයි ලංකාවේ තියෙන්නේ ඒ් තමයි Marabedda Gardens Resort. මේ හෝටලය පිහිටලා තියෙන්නේ රිකිල්ලගස්කඩ දිඹුල්කුඹුර ප්‍රදේශයේ  උස් කඳු ගැටයක් මුදුනේ. මේ පිහිටීම නිසා නිතර දෙවේලේ මේ හෝටලයට පහලින් වළාකුළු දකින්න තියෙනවා. මේ නිසා දැනෙන්නේ වළාකුළු වලට උඩින් අපි ඉන්නවා වගේ. 

වටපිටාවේ දර්ශනීය කදු පන්ති පේන අක්කර පහළොවක භූමියක් පුරා පැතිරිලා තියෙන මේ හෝටලය කාමර 19කින්  සමන්විතයි. මෙතනට පිදුරුතලාගල , මහකුඩුගල, නමුණුකුළ, යහන්ගල, නක්ල්ස් කඳු පන්ති වගේම වික්ටෝරියා වේල්ල වගේ හොඳින් පේනවා. ඒ්  වටපිටාවම  පේන විදිහට  infinity view එකක්  තියෙන  ලස්සන තැනක හදලා තියෙන  Swimming pool එක නිසා මේ හෝටලය තවත් ලස්සනයි. 

නිදහසේ විවේකයෙන් නිවාඩුව ගත කරන්න ඔ්න තරම් පහසුකම් වලින් මේ Marabedda Gardens Resort එක සමන්විතයි. වටපිටාවේ පේන infinity view එක, ඇඟට දැනෙන සුවදායී දේශගුණය එක්ක එළිමහනේ ආහාර ගැනීමේ පහසුකම්, ආදි බොහෝ අංග වලින් මේ හෝටලය සමන්විතයි. 

මහනුවර ඉඳලා පැයක වගේ කාලයකින්  මේ සුන්දර හෝටලයට එන්න පුළුවන්. ස්වාභාවික දිය දහරා, කුඹුරු, එළවලු වගා පිරුණු ගැමි පරිසරයේ සිරිය විඳගෙන තමයි මේ Marabedda Gardens Resort එකට එන්න තියෙන්නේ. මෙතන නතරවලා අවට වටපිටාවේ බලන්න විඳින්න දේවල් ගොඩාක් තියෙනවා. Hiking කරන්න කැමති අයට මේ ආසන්නයේම තියෙන දියතලාගල කඳු වැටිය තරණය කරලා ඒ් අත්දැකීම විඳින්න පුළුවන්. දියතලාගල මුදුන කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක විතර උසින් තියෙන කඳු මුදුනක්. ඒ් වගේම ඉතා සංවේදී පාරිසරික කලාපයක්.  මෙතන ඉඳල ලංකාවේ පලමුවෙනි තේවත්ත වන ලූල්කඳුර වත්තට කිලෝමීටර් 20ක දුරක් තියෙන්නේ. නුවරඑළියට කිලෝමීටර් 49යි, මන්දාරම් නුවරට කිලෝමීටර් 33 යි.රන්දෙණිගල වේල්ලට කිලෝමීටර් 44යි. මේ හැම තැනකටම කිට්ටු නිසා ඔයාගේ ඊළඟ නිවාඩුවට එහෙම නැත්තං . Honymoon එකට, Family trip එකට මෙතන තමයි නියම තැන. 

මේ සුන්දර හෝටලය වෙන් කරගන්න කතාකරන්න   0812051177 හරි  0777602555 කියන දුරකථන අංක වලට. අපි දීලා තියෙන google map එකට පහළින් තියෙන අංකය කෙලින්ම Dial කරන්න පුළුවන්
 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සපිරි මහනුවර සුපිරි නිවාඩුවකට

ලංකාවේ පළවෙනි තේ වත්ත

RATHNA ELLA

Kandy
රාවණා දිය කෙළිය රත්න ඇල්ල


Make Online Inquiry




Location



Address

Dimbulkumbura
Rikillagaskada

Phone

0777602555

Email

info@marabeddaresort.lk

Website

Rikillagaskada





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy