BRIEF GARDEN



Brief Garden is the masterpiece of Bevis Bawa, brother of the famous Sri Lankan architect Geoffrey Bawa. Bevis, the elder Bawa brother, began crafting this luscious landscape roughly 20 years before Geoffrey commenced work on his world-famous Lunuganga Estate.

Bevis created the garden by spending decades transforming the rubber plantation he inherited into the verdant jungle-esque gem it is today. He began cultivating the space in the late 1920s while serving in the army and continued up until he died at age 89 in 1992.

If you’re in Colombo, you can easily arrive at the Brief Garden within two hours' drive. One has to buy a ticket to get in, but it’s nothing too expensive, and the tour lasts about an hour and a half and is definitely an experience you won’t soon forget.

The antique sculptures are prohibited from being interacted with so children should always be accompanied by adults. One should also dress light since the weather is fairly tropical, and carry an umbrella since rain is also quite common.

 

‘බාවා’ යන නම ශ‍්‍රිී ලංකාවට නුහුරු නමක් නෙවෙයි. ඒ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ජෙෆ්රි බාවා නිසාය. ජෙෆ්රි බාවාගේ සොහොයුරු බෙවිස් බාවා ද ජෙෆ්රි බාවා හා සමානවම ගෘහනිර්මාණ ශිල්පයේ අති දක්ෂයෙකි. ජෙෆ්රි බාවා මෙන් රැකියාව විදිහට ගෘහ නිර්මාණ ශිල්පයේ නොයෙදුනද බෙවිස් බවා ගෘහ නිර්මාණ ශිල්පයේ අති විශිෂ්ටයෙක් බවට අදට ද පවතින සාක්ෂි තියෙනවා.

එම සාක්ෂිය පිළිබඳ කතා කරන්න කලින් අපි බාවාවරුන්ගේ කථාව දැනගනිමු.

‘වරක් ප‍්‍රංශයේ ධනවත් සංචාරක පිරිසක් රැගත් යාත‍්‍රාවක් ගාල්ල කොටුව හරහා යාත‍්‍රා කරමින් තිබිණි. එයින්  බැසගත් පිරිසක් නගරයේ සිරි නැරඹූහ. ඒ අතර සුන්දර තරුණියක් ද සිටියා ය. අද මෙන්ම එදා ද ගාලූ කොටුවේ සංචාරක වෙළෙන්දෝ සිටියහ. මැණික් මෙන් පෙන්වා ඔවුහු සංචාරකයන්ට වීදුරු බෝල විකිණූහ. අහමදු බාවා නම් නීතිඥ මහතකු අවන්හලක කෝරිඩෝවක වාඩිවී විවේක සුවය විඳිමින් සිටියේය. ඔහු මේ සියල්ල දුටුවේය. මේ සුන්දර තරුණිය ද වීදුරු බෝල මිලදී ගැනීමට සූදානම් වෙද්දී බාවා මහතා එය වළක්වමින් වෙළෙඳුන්ට බැනවැදුනේය. තරුණිය හා බාවා මහතාගේ හදවත් බැඳී ගියේ ඒ හඳුනා ගැනීමෙනි.

යාත‍්‍රාව පිටත්ව යාමට ළං විය. එහෙත් ඔවුනොවුන්ට වෙන්ව යාමට නොහැකි විය. තරුණිය ඔහු සමඟ මෙහි නැවැතුණාය. යාත‍්‍රාවේ ඥාතීහු දුක්මුසුව ඇගෙන් සමුගෙන ප‍්‍රංශය බලා යාත‍්‍රා කළහ. අහමදු බාවා හා එම ප‍්‍රංශ යුවතියගේ දරුවන් වූයේ විලියම් බෙන්ජමින් හා තවත් අයෙකි. පස්සේ කාලෙක කීර්තිමත් නීතිඥයෙක් වු බෙන්ජමින්ට සහ ඔහුගේ බිරිඳ මේතාට දාව උපත ලැබු දරුවන් වූයේ බෙවිස් හා ජෙෆ්රිය.’

ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පයට උනන්දුවක් දැක්වු අතර බෙවිස් බාවා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ මේජර්වරයකු විය. සෝල්බරි සාමිවරයාගේ හා හෙන්රි මුවර් මන්ක් යන ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයින්ගේ පරිවාර නිලධාරියා ලෙස කටයුතු කළේ ඔහු තුළ වූ තේජවන්ත හා සුවිශේෂි පෙනුම නිසාය.

බෙවිස් බාවා 1929 වසරේදී හමුදා නිලධාරියකු ලෙස හමුදාවට එක්වූයේය. මේ හමුදා සේවය වෙනුවෙන් ඔහු වැටුපක් ද නොගත් බවද ප‍්‍රසිද්ධ කතාවකි. මොකද ඔහුට ඕනෑ තරම් මුදල් තිබුණු නිසා ඔහු රැකියාවෙන් වැටුප නොගත් හමුදා නිලධාරියෙක් විදිහට ප‍්‍රකට වූයේය. ස්වභාවධර්මයේ කිසියම් සැලසුමක් අනුව ඔහු ඉතා උසැති තරුණයකු වීම නිසා ඔහු වඩාත් සුවිශේෂ විය. ඔහු අවුරුදු 12 ක් වයසැති වෙද්දී අඩි 6 අඟල් 4 ක් උසැති පාසල් දරුවකු විය. අන්තිමේ දී මේ උස යාම ඔහුට ද මහා වදයක් වූයේය.

‘අන්න පොල් ගහක් ඇවිදිනවෝ’ කොළඹ රාජකීය විද්‍යාලයේ අකුරු කරද්දී පාසල් මිතුරෝ ඔහුට විහිළු තහලූ කළේ ඔහුගේ අසාමාන්‍ය උස නිසාය. කෙසේ වුද ඔහු රූපශ‍්‍රීයෙන් මුල් තැනක සිටියේය.

මේ උස කඩවසම් තරුණයාට දිනක් රූමත් වංශවත් තරුණියක් මුණගැසුනු අතර ඔහු ඇය හා පේ‍්‍රමයෙන් බැඳී ගියේය. එහෙත් හදිසියේම ඇය ඔහු හැරයාම නිසා සිත් තැවුලට පත් ඔහු හමුදා සේවයෙන් පවා ඉවත් වෙනවා. පසුව හුදකලාව කලාවක් කරගනිමින් අලූත්ගම වත්තට තනිවම ඇවිත් තියෙන්නේ ජීවිතය අලූතින් පටන් ගන්නට බව පැහැදිලිය.

මේ අතර ඔහුගේ අසාමාන්‍ය උස හා ගලපා මිනිසුන් කිව් කතාද බොහොමයක් විය.
‘බෙවිස්ට කසාද බඳින්න තහනම් කරලා. ඔහු විවාහ වූ කාන්තාවන් දෙදෙනකුම මංගල යහනේ දී මිය ගියාලූ. ඔහු අසාමාන්‍ය පුරුෂයෙක් ලූ.’ මේ සියලූ කථාවලින් හිත රිද්දා ගත් බෙවිස් බාවා තම පවුලට අයත් බේරුවල කාලවිල ගමේ හොඳම ඉඩම තෝරාගෙන එහි නිවසක් ඉදි කළේය. නිවසක් පමණක් නොව සිය හුදකලාව කලාවෙන් ගෙවා දැමීමට සිතූ ඔහු අපුරු උද්‍යානයක්ද නිර්මාණය කළේය. විවිධ කලා නිර්මාණ රැුසක් උද්‍යානයේ තැනින් තැන පිහිටවු බෙවිස් මේ නිර්මාණ විඳිමින් හුදකලාව සතුටක් බවට පත්කර ගන්නට උත්සාහ දන්නට ඇති බව ඒ උයනට යන්නෙකුට සිතෙයි.
මෙම මැදුරේ සහ උද්‍යානයේ සියලූ මූර්ති හා චිත‍්‍ර සියල්ල ඉදිවුණේ මේ සොඳුරු මිනිසා අතිනි. කොයිතරම් මනරම් වුවද ගැහැනු රූපවලට පවා ඔහු වෛර කරන්නට ඇති. මන්ද මෙතරම් මනරම් පරිසරයක වුවත් එහි දක්නට ඇති එකම ගැහැනු රුව වූයේ තම ආදරණීය මවගේ රුව පමණක් වීමෙන් එය පැහැදිලිය..

  කළුතර මතුගම පාරේ අලූත්ගම Bewis Bawa ලංකාවේ තෙවැනි විශාලතම මල් උයන     ලෙස ‘බී‍්‍රෆ් උයන’ බිහිවූයේ මේ සුවිසල් මිනිසා තුළ සැඟව සිටි සංවේදී   කලාකරුවා නිසාවෙනි.

  ජීවිතය පුරාවට හුදකලාව අත්වින්ද මේ සුන්දර මිනිසා ජීවිතයේ අවසන්     කාලයේ තමන් පණ මෙන් රැක්ක මේ මල් උයන සහ අනිකුත් ඉඩකඩම්     සිය සේවක පිරිස අතර බෙදාදුන්නේය.

  ‘මට පරම්පරාවක් නැහැ. මට බිරිඳක් නැහැ. ඉතින් මේ දේපළ මට   මොකටද. දැන් මගේ ජීවිතයට අස්වැසුමක් ලැබුණා. අද ඔවුන් සතුටින්   ජීවත්වෙන නිසා.’

1992 සැප්තැම්බර් 08 වැනි දින බෙවිස් බාවා නම් සුපතළ මේ මිනිසා   තමන්ගේ කලාකාමී හදවත ‘බී‍්‍රෆ් උයන’ ලෙස ඉතිරි කරමින් තම   ජීවිතයෙන් සමුගත්තා. මෙරට කෘතහස්ත ගෘහ නිර්මාණ ශිල්පියකු වූ   ජෙෆ්රි බාවා නම් එකම සොයුරා ද පසු කලෙක මිය ගියේය. ඔවුන්     දෙදෙනාම අවිවාහකව දිවි ගෙවා මිය ගියේ අසහාය නිර්මාණ ශිල්පී     පරපුරකට අවසන් තිත තබමින්ය.

පරිසරය හා බැඳි සොබාදහම තුළම තම භෂ්මාවශේෂ තැන්පත් කර තැබීමට ඔහු ආශා කළේය. බ්‍රීෆ්  උයනේ සුවිසල් ඇහැල ගසක් යට තම අවසන් භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ඔහු ජීවත්ව සිටියදීම තෝරා ගත්තේය. ‘බ්‍රි‍ෆ් උයන’ තවමත් තම ආදරණීයයාගේ සෙනෙහසේ නාමයෙන් නිහඬවම තම අතු පතර විහිදා පවන් සලන්නේය. 

මේ සුන්දර බ්‍රීෆ් උයන ඔබටත් නරඹන්න පුළුවන්. දිනපතා උදේ 9  ඉඳලා හවස 4 දක්වා විවෘතයි. වැඩි විස්තර +94 0773 509 290 කියන අංකයෙන් දැනගන්න පූලුවන්. 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


මතුගම සුපිරි උඩපැල

RICHMOND CASTLE

Kalutara
මහාරාජා පැරදවු කළුතර මහ මුදලිගේ මන්දිරය

PAHIYANGALA

Kalutara
අවුරුදු 48000ක් ආපස්සට ගිහින් එමු ද?


Location



Address

Kalawila Village
Beruwala

Opening Hours

9.00 - 4.00

Phone

0773 509 290





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy