මේ අමුතු හැඩයේ බංගලාව තියෙන්නේ කලවානේ. කලවානේ වැද්දාගල පාරේ කඳු මුදුනක හදලා තියෙන මේ බංගලාව ඔයාගේ ඊළඟ නිවාඩුව ගත කරන්න කියාපු තැනක්. හාත්පස ලස්සන බලන්න පුලුවන් විදිහට හදපු මේ අමුතු බංගලාවේ මරු Swimming pool එකකුත් තියෙනවා.
මෙතන ඉඳලා සිංහරාජයේ සෆාරි එකක් යන්නත් පුළුවන් නිසා ඇත්තටම නිවාඩුව ගත කරන්න මෙතන නියම තැනක්. ලී වලින් කුරුළු කූඩුවක් වගේ හදල තියෙන මේ බංගලාවේ කාමර දෙකක් තියෙනවා. ඉන්න පුළුවන් උපරිම ගාන 8 දෙනයි.
කොළඹ ඉඳලා පැය එක හමාරකින් දෙකකින් වගේ යන්නත් පුලුවන් නිසා හරි ලේසියෙන් මෙතනට යන්න පුළුවන්. හැබැයි මේ බංගලාව ළඟටම ඔයාට සාමාන්‍ය වාහනයකින් යන්න වෙන්නේ නෑ. මොකද ඒ්කට 4WD වාහනයක් ඔ්න. එහෙම 4WD නැත්තං මේහේ තියෙනවා වෑන් එකක් ඒ්ක හයර් කරගන්න පුළුවන් කිලෝමීටර් දෙකක් විතර දුරකට. ඔයාගේ වාහනේ නවත්තන්න වෙනම තැනක් තියෙනවා.
පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා සිංහරාජයේ පැත්තේ ඇවිදලා එන්න යනවා නම් මේක නියම තැන.
අයකිරීම් වෙන්නේ මෙහෙමයි
DAY OUT ( 9 am - 3 pm ) |
3500/- per person |
Welcome drink/Lunch/ evening tea / Swimming pool / Changing room |
NIGHT OUT (2 pm - 12 pm) |
Week days 24000/- Week ends 27000/- |
with cook |
Additional service
Sinharaja jeep service Rs. 4000 net
Additional meal charges
Breakfast - 800 nett LKR
Lunch – 1100 nett LKR
Dinner - 1400 nett LKR
ඔයා එන්න කලින් වෙන්කරගන්න ඔ්න. ඒකට මේ එක්කම තියෙන Calender එකේ අවශ්‍ය දිනය සඳහන් කරලා අපිට එවන්න. නැත්තං කථා කරන්න 0759596161 awidimu hotline එකට
Popular exclusive listings in our directory