BADURA BUNGALOW


නිවාඩුව විවේකය ගත කරද්දි හැමෝම කැමති ගහ කොළ වලින් පිරිච්ච සුන්දර තැනක නිවාඩුවක් විවේකයක් ගත කරන්න.   අනික් දවස් ගත කරන විදිහට වැඩිය වෙනසක් දැනෙන්නේ එතකොට. ඒ වෙනස අත්විඳින්න නියම තැනක් තමයි  මේ බංගලාව . මේක තියෙන්නේ  මතුගම කලවාන පාරේ. 

BADURA-KALAWANA පරිසරයට ගැලපෙන සුන්දර ගෘහ නිර්මාණ ආකෘතියකට අනුව තමයි හදලා තියෙන්නේ. ගහකොළ වලට ඇති තරම් ඉඩ දීලා, ඒ සුන්දරත්වය විදින්න පුළුවන් විදිහට තමයි මේ බංගලාව හදලා තියෙන්නේ.  සිංහරාජයේ ජල මූලාශ්‍ර වලින් ගලාගෙන එන ස්වාභාවික දිය සීරාවක් යොදාගෙන හදපු පිහිනුම් තටාකය නිසා BADURA-KALAWANA සුවිශේෂී එකක් වෙනවා. ගහට කොළට නිරාවරණය වුන මේ පිහිනුම් තටාකයේ ඉඳලා ස්වාභාවික දිය සීරාවක සීතල වතුරින් නාන්න තියෙන එක අමුතුම අත්දැකීමක් වෙනවා.

මෙතන Bungalow එකකුයි  Cottage එකකුයි දෙකක් තියෙනවා. මේ දෙකේම 16 දෙනෙකුට ඉන්න පුළුවන්. බංගලාව කාමර 3යි. ඒකේ ෆැමිලි රූම් එකේ 6 දෙනෙකුට ඉන්න පුළුවන්, ට්‍රිපල් රූම් එකේ  තුන්දෙනෙකුට  ඉන්න පුළුවන්,  ඩබල් රූම් එකේ දෙන්නේකුට ඉන්න පුළුවන්.  

මෙතන කෑම බීම නැතුව අයකිරීම එක්කෙනෙකුට රුපියල් 3250/- යි.  උයන්න අවශ්‍යදේවල් අරං ගියාම මෙහෙන  Chef කෙනෙක් දෙනවා. ඒ්  සියල්ලටම තමයි මේ අයකිරීම 

මෙතන ඉඳලා සිංහරාජයට තියෙන්නේ  කිලෝමීටර් 35 ක වගේ දුරක්. ඒ වගේම සුන්දර ප්‍රකට දිය ඇල්ලක් වන මාකෙලි ඇල්ලට තියෙන්නේ පැය භාගයක විතර ගමනක්. මේ ඇල්ලේ වුනත් දිය නාන්න පුළුවන් ප්‍රෙව්ශම් සහිත තැන් තියෙනවා. මේ හැම දෙයකටම වඩා මේ බංගලාව හදලා තියෙන පරිසරය සුන්දරයි. ඇත්තටම වෙනස් අත්දැකීමක් විදින්න මේක නියම තැනක්.

පවුලේ අයත් එක්ක, යාළුවෝ කට්ටිය එක්ක අමතක නොවෙන නිවාඩුවක් ගත කරන්න BADURA-KALAWANA වෙන්කරගන්නවා නම්  0759596161 ට කථා කරන්න. 


Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


කුකුළේගඟ අද්දර බංගලාවක්

කුරුගඟ අයිනේ Day Outing එකක්

කුරුළු කූඩුවක නිවාඩුවක්

VILLA@ KURUWITA

Ratnapura
ගඟ අද්දර විවේකයට නියම තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy