VILLA @ BELOHULOYA


බෙලිහුල්ඔය කියන්නේ මතක් වෙනකොටත් පුදුම තරම් සුන්දරත්වයක් දැනෙන පළාතක්. ඉතා සෞම්‍ය දේශගුණය නිසා බෙලිහුල්ඔය කවුරුත් නිවාඩුව ගත කරන්න තෝර ගන්නවා. එහෙම බෙලිහුල් ඔය ගියාම ගෙදර ඉන්නවා වගේ නිදහසේ නවතින්න පුලුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ.

කොළඹ ඉඳලා යනවා නම් බෙලිහුල්ඔය නගරයට කලින් මුණගැහෙන බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක ළග පාලම පහුකළාම මුණගැහෙන වම් පැත්තට කන්ද උඩට තියෙන ඉහළ ගලගම පාරෙන් තමයි මෙතනට යන්නේ. ඒ පාරේ මීටර් 500 ක් විතර ගියාම මේ සුන්දර නවාතැන් පළ මුණගැහෙනවා.

මොනවාද තියෙන පහසුකම් ?
මේක ඇත්තටම පුංචි නවාතැනක්. ඉන්න පුළුවන් 12 දෙනෙකුට වගේ පිරිසකට විතරයි. මෙතන එක Villa එකේ තියෙන්නේ කාමර දෙකයි. අනික Eco Cottage එක. විලා එකේ ඉඳලා මීටර් 25ක් විතර දුරකින් මේක තියෙන්නේ වෙනම Cottage එකක් විදිහට.  මේ හැම කාමරයකටම Hot Water තියෙන Attached Bathrooms තියෙනවා. ඒ වගේම මේ මුළු නවාතැන් පළ පුරාම Free wifi පහසුකම් තියෙනවා. බාබකියු එකක් හෙම දාගන්නවා නම් මේ සීතල කඳු මුදුනේ ඉඳලා ඒකට අවශ්‍ය ග්‍රිල් එක මෙතන තියෙනවා. හැබැයි අවශ්‍ය අනිත් දේවල් අරං යන්න වෙනවා.

SPECIAL RATES !!!

  OTHER MONTHS APR / AUG /DEC
Villa 10000/- 15000/-
Eco Cottage    6500/-   7500/-

 

කෑම බීම ගැන කථා කරද්දි මෙතනින් කෑම ගන්න පූලුවන් සාමාන්‍යෙයන් රුපියල් 300/= වගේ ඉඳලා ඉහළට.තව කැමති නම් අපිට වියළි ආහාර ගෙනියලා මෙතන ඉන්න කෝකියාට කියලා හදවා ගන්න පුළුවන්. එතකොට දවසකට අමතර රුපියල් 2000/- වගේ ගානක් කෝකියාගේ ගාස්තුව සහ ගෑස් වගේ ඒවට යන වියදම විදිහට ගෙවන්න වෙනවා. එහෙම නැත්තං තවත් විදිහක් තියෙනවා ඒ තමයි යන අමුත්තන් විසින්ම උයා ගන්න එක. එතකොට අර පාවිච්චි කරන ගෑස් වලට සහ වතුර වලට දවසට රුපියල් 500/= ක් වගේ ගාස්තුවක් තමයි අය කරන්නේ.

වටපිටාවේ බලන්න තියෙන්නේ මොනවාද?
මෙතන ඉඳලා මීටර් 450 ක් විතර පාර පැත්තට ආවම ඉතාම ආරක්ෂිතව බෙලිහුල්ඔයෙන් සීතල වතුර ටිකක් නිදහසේ නාගන්න පුළුවන්. තව මෙතන ඉඳලා කිලෝමීටර් 1.5 ක් විතර ගියාම තියෙන පහන්තුඩාව ඇල්ලත් පුදුමාකාර ආකර්ශණීය තැනක්. සීතල මැදින් කඳු නැඟගෙන මෙතනට යන ගමනත් අමතක නොවෙන අත් දැකීමක්. තව මෙතන ඉඳලා කිලෝමීටර්යක් විතර දුරින් තියෙන හිරිකටු ඔය තවත් අතිශය සුන්දර තැනක්. පැය 4-5 ක් විතර වැය කරලා අති සුන්දර හාගල කන්ද නැගල වටපිටාවේ සිරි නරඹන එකත් මෙතනට එන සංචාරකයින්ට අමුතුම අත්දැකීමක්. මනස්කාන්ත බඹරකන්ද දිය ඇල්ලට වුනත් මෙතන ඉඳලා යන්න පුළුවන් ලේසියෙන්.

පරිසර සුන්දරත්වය අතින් බැලුවම පුදුමාකාර ලස්සනක් අත් විඳන්න නියම ගමනක් මේක. අනිත් එක මෙතන අය කිරීමත් පසුම්බියට ඒතරම් ගැටළුවක් නොවෙන නිසා කිසි ප්‍රශ්නයක් නෑ. අඩු වියදමකට උපරිම විදිහේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් මෙතන. ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කර ගන්නවා නම් කල් දාන්නේ නැතුව දැන්ම වෙන් කරගන්න කථාකරන්න ඇවිදිමු අපිට 0759596161 න්. අපිලෑස්තියි ඔබ වෙනුවෙන් මේ සුන්දර නවාතැන් පළ වෙන් කරලා දෙන්න.


#awidimu team


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සුද්දන් මවිත කළ අප්පුහාමි ගේ වික්‍රමය

රාවණාඇල්ල දිහා බලාගෙන සුන්දර නිවාඩුවක් ගත කරන්න

COUPLE එකකට ඇල්ලේ අමුතු නවාතැනක්

මඩොල්සිම පුංචි ලෝකාන්තය


Make Online Inquiry




Location



Address

Ihala galagama rd
Belihuloya

Checkin Checkout

1.00 pm - 11.00 am

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy