RATHNA ELLA


Amazing waterfall in hasalaka. Very close to hasalaka town. Trek starts from Rathna ella village. You have to come in Wasgamuwa road and turn to eldamporuwa road. Not hard to find as there are sign boards all the way through. There are parking areas and from there you have to trek for about 4kms along a water canal. Pathway is beautiful which goes through paddy fields, jungle and village houses. There are some tricky areas you have to be bit careful of slippery rocks.

Once you reach the bottom of waterfall you’ll realize all the effort you have put is really worthwhile. Don’t try to bath at the very bottom of the waterfall as many lives have been lost there. There are bathing spots on the way.

Don’t bring any garbage and pollute the area.

 

රත්න ඇල්ල තියෙන්නේ හසලක. හසලක කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මායිම. මහනුවර මහියංගනය පාරේ  සුප්‍රකට 18 වංගුව බැහැලා යනකොට හසලක හමුවෙනවා. මේ ඇල්ලට හසලක නගරයේ ඉඳලා වස්ගමුව පාරේ කිලොමීටර් 8.5ක්  විතර තියෙනවා.  වස්ගමුව පාරේ මහඇස්සැද්දුම ගමේ තමයි මේ ඇල්ල තියෙන්නේ. වාහනයකින් මහ ඇස්සැද්දුම ගමට යන්න පුළුවන් වුනත් මේ ඇල්ල   කිලොමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා. ඒ් ගමනේ වෙහෙස දැනෙන්නේ නෑ මොකද අති සුන්දර පරිසරයක සිරිය විඳිමින් කුඹුරු  මැදින් තමයි යන්න තියෙන්නේ. 

රත්න ඇල්ල උසින් මීටර් 101ක්  වෙනවා. උස අනුව ගත්තම .ලංකාවේ දස වන ස්ථානය හිමිවෙන මේ ඇල්ල  හසලක ඔයෙන් පෝෂණය වෙනවා.  මේ ඇල්ල ගැන  පුරා වෘත්තයක් තියෙනවා. ඒ් තමයි   රාවනා රජු සීතා රැගෙන විත් සඟවාගෙන හිටියේ මෙහේ කියලා.  මේ දිය ඇල්ලට උඩින් තියෙන කැලේට මිනිස්සු අදත් කියන්නේ සීතාකැලේ කියලා.  රාවනා රජු මෙම දිය ඇල්ලෙහි සීතා සමග දිය කෙලියෙහි යෙදුනා කියලාත්  මෙම දිය ඇල්ලේ ගල සිදුරුකර එම ගුහාවෙහි සීතා සඟවාගෙන හිටියා කියලාත් කථා තියෙනවා. ඉස්ස ර මේ දිය ඇල්ල   රාවනා ඇල්ල  කියලා හඳුන්වල පස්සේ කටේ හුරුවට රත්නැල්ල වුනා කියලා ගම්මු කියනවා. ඒ් වගේම තව කථාවක් තමයි කලාලෙන් කාලෙට මේ   දිය ඇල්ල අවටින්  මැණික් මතුවීම . මේ නිසාත් මේ ඇල්ල මැණික් ලැබෙන ඇල්ල රත්න ඇල්ල කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

කොහොම වුනත් රත්නඇල්ල කියන්නේ වෙ දිය ඇලි වලට වඩා වෙනමම සුන්දරත්වයක් තියෙන ඇල්ලක්. ඒ් නිසා ගහට කොළට පරිසරයට ආදරේ කරන අය යන්නම ඔ්න තැනක්. 


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


සපිරි මහනුවර සුපිරි නිවාඩුවකට

ලංකාවේ පළවෙනි තේ වත්ත

වළාකුළු වලටත් උඩින් නවතින්න තැනක්





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy