BUNGALOW @ RIVERSTON


රිවර්ස්ටන්  කියන්නේ නිවාඩුව ගතකරන්න කියාපු තැනක්. හිතාගන්න බැරි දේශගුණය එක්ක අතිශය සුන්දර නිවාඩුවක් ගත කරන්න කවුරුත් යන්නේ එහෙට. එහෙම ගිහිල්ල ලස්සන තැනක නතර වෙනවා නම් ඒකට හොඳම තැනක් තමයි මේ බංගලාව.  මේ බංගලාවේදි පුළුවන් රාජ්‍ය නායකයෙකු  විදිහට නිවාඩුව ගත කරන්න. ඒකට හේතුව තමයි  මේ රටේ තුන්වන අගමැතිවරයා වුන සර් ජෝන් කොතාලාවල මහත්තයා ඒ කාලේ නිවාඩුව ගතකරපු බංගලාව තමයි මේක.  

මේ බංගලාව පස්සේ කාලෙක ජොන් කොතලාවල මහත්තයා පාවිච්චි කලාට මේක සුද්දගේ කාලේ වගාකරුවෙක් හදපු බංගලාවක්. මේ බංගලාවට යාබද ලග්ගල වත්ත අක්කර 1300 ක් පුරා තියෙනවා. සමාන්‍යයෙන් වතු හිමිකරුවෝ තමන්ගේ ඉඩමේ ලස්සනම තැන තමයි බංගලාව හදන්නේ. එතන කොච්චර ලස්සනද කියන එක තවත් පැහැදිලිවෙනවා අගමැතිවරයෙක්ගෙත් හිත ගියා කියන එකෙන්.  සුද්දන්ගේ කාලේ වැවැලිකරුවෙක් මේ වත්ත අරං තියෙන්නේ තේ වවන්න. ඒත් පස්සේ ඒක අසාර්ථක වෙලා. මීට අවුරුදු 30 කට විතර කළින් තේ වැවිල්ල සම්පුර්ණයෙන්ම අත්හැරලා දාපු නිසා පස්සේ මේ වත්ත පුරාම ගැස්වැල් වැවිලා මේ වෙනකොට ඒ ගස්වැල් වලින් සුන්දර වනාන්තරයක් නිර්මාණය වෙලා ඉවරයි.

සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තිය යොදාගන්න මේ බංගලාවේ ඉවතලන සියලු දේවල් ප්‍රතිචක්‍රියකරණය කෙරෙනවා. මේ නිසා පුර්ණ වශයෙන්ම පරිසර හිතකාමී විදිහට තමයි මේ බංගලාව පවත්වාගෙන යන්නේ.

රාජ්‍ය නායකයෙක් විඳපු සුව පහසුව එහෙම පිටින්ම මේ බංගලාවේ තියෙනවා.එළිමහනේ ආහාර ගන්න, පරිසරයව විඳින්න වගේම ශිතලට ඔරොත්තු දෙන සුවපහසු කාමර වගේ බොහෝ පහසුකම් මෙතන තියෙනවා. තේක්ක ලි වලින් සෑදු පොළව. සුව පහසු ගෘහභාණ්ඩ මේ හැම එකක්ම නියම විවේකය විඳින්න ඉඩකඩ සලසලා දෙනවා. උණු වතුර නාන්න පහසුකම් , බාත් ටබ්, මේ ආදී විදිහට සියලුම පහසුකම් මේ බංගලාවේ තියෙනවා.

මෙතන නතර වුනොත්   රිවස්ර්ස්ටන් වල මොනවද බලන්න නැත්තේ? ඒ සුන්දර පරිසරය විඳින්න වටපිටාවේ ඇවිදින්න , කඳු නගින්න, ස්වාභාවික දිය දහරාවකින් නාන්න මේ හැම දෙයක්ම මෙතනින්ම ලෑස්ති කරගන්න පුළුවන්. මාතලේ ඉඳලා ලග්ගල හරහා රිවස්ටන් වලට  කිලෝමීටර් 30 ක් විතර එන්න ඔ්න මේ බංගලාව ඇත්තටම නිවාඩුව විවේකය සුන්දරව විඳින්න මරු තැනක්. 

Off Season  (Full board) SINGLE DOUBLE TRIPLE QUAD FAMILY
Sunday - Thursday  8200/-  11900/- 17850/- 23800/- 29750/-
Friday - Saturady & Public Holidays 10200/- 13900/- 20850/- 27800/- 34750/-
Season  (Full board) SINGLE DOUBLE TRIPLE QUAD FAMILY
Sunday - Thursday  12200/-  15900/- 23850/- 31800/- 39750/-
Friday - Saturady & Public Holidays 12200/- 15900/- 23850/- 31800/- 39750/-

Season : April,July,August,2nd week of December to 1st week January @Long weekends 
Off Season :Other times 
Basis : Full board including welcome drink, Tea, Bed tea and Evening tea

සාමාන්‍යෙයන් 15 දෙනෙකුට විතර එකපාර නතර වෙන්න පුළුවන් මෙතන. ඒ නිසා office එකේ කට්ටියට සෙට් වෙලා යන්නත් මරු. family විදිහට සෙට් වෙලා යන්නත් හොඳයි. අනිත් පැත්තෙන් මේක හොඳ honeymoon location එකක්. ඒ නිසා ඇත්තටම මේක නිවාඩුව ගත කරන්න හොඳම තැනක්. 0759596161 ට කථා කළොත් මේ Sir Johns Bungalow එක Book කරගන්න පුළුවන්.


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


LAY by RIVER

Matale
දඹුලු ගිහිං Chillඑකේ ඉන්න මරු තැනක්

කැලේමැද පැල්පතක නිවාඩුවක්


Make Online Inquiry




Location



Checkin Checkout

1.00 pm - 11 a.m

Phone

0759596161





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy