BUNGALOW @ WATAWALA


සීතල කඳුකරය කියන්නේ කාගෙත් හිත ගන්න තැනක්.  හැමෝම නිවාඩුව ගත කරන්න සීතල කඳුකරයට යන්නේ සුවදායක දේශගුණය නිසා. එහෙම විවේකය ගතකරන්නත් සුදුසු  නිදහස් තැනක් තියෙන්න ඕන. එහෙම නැත්තං නිවාඩුවේ නිදහස ඉවරයි. නුවරඑළිය ගැන කිව්වම සමහර අය කියන්නේ නුවරඑළිය සීතල වැඩියි කියලා. එහෙම හිතන අයට යන්න පුළුවන් තැනක් ගැන තමයි මේ .මේ සුන්දර බංගලාව තියෙන්නේ හැටන් වල කඳු මුදුනක.

හැටන් කොළඹ පාරේ  තියෙන මේ බංගලාව නිදහස ගත කරන්න නියම තැනක්. සීතලට ඔරොත්තු දෙන විදිහට තේ  කඳුමුදුනක හදලා තියෙන මේ බංගලාවේ එකපාර 15 දෙනෙකුට විතර ඉන්න පුළුවන්. කාමර 5ක් තියෙනවා.  මුලු බංගලාවම රුපියල් 20,000/= ක් වගේ වෙන්නේ එක රැයකට. කෑම ටික මෙතන ඉන්න කෝකියාට දීලා හදාගන්න පුලුවන් ඒ්කට තුන්වේලටම යන්නේ 3000/= ක් වගේ Cooking charge එකක්.   ගාණේ හැටියට පාඩු නෑ. ඕන තරම් ඉඩකඩ තියෙනවා නවතින්න. අවශ්‍ය කෑම බීම කැමති විදිහට හදවා ගන්න  පුළුවන් නිසා කෑම බීම ගැන කිසි ප්‍රශ්නයක් නෑ. සීතල කඳු මුදුනක ඉඳලා කෝපි කෝප්පයක් බොන්න කියාපු තැනක් මේ. ඉස්සරහ තියන කන්ද දිගේ උඩරට මැණිකේ කෝච්චිය යන හැටි හරි ලස්සනට දකින්න පුළුවන් මෙතනදි.

මේ බංගලාවේ හැම කාමරයකම උණු වතුර පහසුකම් තියෙනවා.ඒ නිසා සීතල ගැන වදවෙන්න දෙයක් නෑ.  මෙතන ඉඳලා නුවරඑළියට යන එකත් හරි ලේසියි.ඒ නිසා නුවරඑළියේ සංචාරයට යන ගමනේදි නතරවෙන්න මේක නියම තැනක්. මොකද අපි දන්නවා නුවරඑළිය  කාර්යබහුලයි. හැබැයි මේ පැත්තට එනකොට කාර්ය බහුල බව අඩුයි පුදුම නිදහසක් තියෙන්නේ.  කඳු මුදුනින් ගලා එන ස්වාභාවික වතුරේ සුවය විඳින්න පුළුවන් Swimming pool එකකුත් මේකෙ තියෙනවා. ඒ් නිසා නිවාඩු පාඩුවේ යාළුවෝ සෙට් එක එක්ක ගිහිං එන්න. පවුලේ කට්ටිය එක්ක යන්න මෙතන නියම තැනක්

මේ බංගලාව වෙන් කරගන්නවා නම් දීලා තියෙන Calender එකේ ඔයාට අවශ්‍ය දිනය Click කරන්න. නැත්තං ඇවිදිමු අපිට කථාකරන්න. 0759596161 න්. අපිට පුළුවන් බංගලාව වෙන්කරවලා දෙන්න ඔයාගේ නිවාඩුව වෙනුවෙන්. ඊළඟ නිවාඩුවට සීතල කඳුකරයට යනවා නම් මෙතන තමයි නවතින්න කියාපු තැන.

@Team awidimu


Explore Videos

Cities you must explore this summer



Add Your Comment






Recent Places

Popular exclusive listings in our directory


නිදහසේ ඉන්න කිතුල්ගල තැනක්

ලෝකයේ එකම සීතා කෝවිල ලංකාවේ

VILLA @ NUWARAELIYA

Nuwara Eliya
නුවරඑළියේ නිවාඩුවකට විශේෂ තැනක්

වළාකුළු වලට කිට්ටුවෙන් නවතින්න තැනක්


Make Online Inquiry




Location



Address

Awissawella road
Watawala

Checkin Checkout

12.00 pm - 10.00 am

Phone

0759596161

Email

awidimusrilanka@gmail.com





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy