SHANDONG RESTAURANT


Lee Pin Kao, a good looking Chinese lad, in order to avoid being enlisted in the Chinese Civil Army, traveled to Sri Lanka in 1937 in a ship, against all odds, to start a new life in our motherland.

During those early years, Mr. Kao and his 3 brothers who traveled with him, as a family, formed a Chinese restaurant in Colombo Fort, mainly to feed the crews that were disembarking from ships. They were pioneers in the Chinese restaurant business in Sri Lanka and Shandong continues this legacy today.

It was in Sri Lanka that he met and married a young and comely Sri Lankan lady, Pearl in 1945, with whom he proceeded to have 6 children.

The Kaos reminisce on how their father used to cook up a storm in the kitchen during their childhood. The succulent dumplings were a firm favourite of the Kaos and a staple on the table during the Chinese New Year celebrations. The ‘Mantu’ or Chinese bread was also steamed in the bamboo steamers and the children would eat them with the local curries. Mrs. Pearl recalls having a pot of soup always boiling away in the kitchen. Mrs. Kao talks about at one point, how the whole family got involved in the noodle making process at home, where the family supplied freshly made noodles, to the local shops as well as to the Army.
 

චීන කෑම කියන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රිය කෑමක්.ලංකාවේ ‍ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනම චීන කෑම අතිශයින්ම ජනප්‍රියයි.ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් වල කෑම වලට වඩා චීනේ කෑම හරිම රසවත්. මේ නිසාම තමයි මේ වෙනකොට ලංකාවේ වුනත් Chinese Restaurants වැහි වැහලා තියෙන්නේ.

කොළඹ තියෙන චීන අවන්හල් අතර තියෙ ජනප්‍රියතම රෙස්ටුරන්ට් එකක් තමයි  SHANDONG කියන්නේ. මේක තියෙන්නේ රාජගිරියේ කෝට්ටේ පාරේ. ඒ කියන්නේ රාජගිරියේ ඉඳලා කෝට්ටේ පැත්තට යනකොට හමුවෙන ෆුඩ් සිටි එකට යාබදව තමයි SHANDONG එක තියෙන්නේ.

මේ අවන් හල අයිතිකාරයා චීන සම්භයවක් තියෙන කෙනෙක්. නම ඩෙන්සිල් කෝ.   මේ SHANDONG අවන්හල ගැන අපිට කිව්වේ මෙහෙම.

“ඇත්තටම SHANDONG කියන්නේ චීනයේ තාත්තලා උපන් ගම පිහිටලා තියෙන ප්‍රදේශය. ඒ පැත්ත සී ෆුඩ් වලට හරිම ප්‍රසිද්ධයි. තව ඒ වගේ පිටි වලින් හදන කෑම වලටත් හරිම ප්‍රසිද්ධයි.ඒ ප්‍රදේශයේ නම මේ අවන්හලට යෙදුවේ විශ්ෂයෙන් නියම චීන කෑම අපේ අවන්හලේ තියෙන නිසා. දැන් අපි දන්නවා ලංකාවේ චීන අවන්හල් අනන්තවත් තියෙනවා. මේ අතරින් අපි විශේෂ වෙන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ළග ඉන්නවා චීනයෙන්ම ගෙන්වපු නියම කෝකියෙක්. ඔහු ඇත්තටම අර ස්වාභාවික නියම චීන කෑම හදන්න අති දක්ෂයෙක්. දැං චීන කෑම ගත්තම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි Srilankan Chinese ඒ කියන්නේ ලංකාවේ හැටියට චීන කෑම හදන එක් අනිත් එක නියම චීන රසටම කෑම හදන නියම චයිනීස් ආහාර. අපි ළග මේ දෙකම තියෙනවා. අපි ලගට ගෙඩාක් එන්නේ මේ නියම චීන කෑම කන්න කැමති අය.මෙකද ගොඩාක් චීන අවන්හල් වල නැති චීන කෑම අපි ළග තියෙනවා. උදාහරණයක් විදිහට “ඩම්ප්ලින් ” කියන චීන කෑම වර්ග වගේ නියම චීනයටම ආවේණික කෑම වර්ග ගොඩාක් අපි ළඟ තියෙනවා.”

සමාන්‍යයෙන් ලෝකයේ හොඳම ආහාර චීනයේ තිබුනට මේ චීන ආහාර කාලා කඳ බඩ මහත් වෙච්ච අසනීප වෙච්ච චීන ජාතිකයෝ ගැන අපි අහලා නෑ.මොකද චීන කෑම වල ගොඩාක් තියෙන්නේ මස් මාළු. ඒත් එහෙම කාලත් චීන ජාතිකයෝ මහත් වෙනවා අඩුයි. ඇයි ඒ. මස් මාළු කෑවට පස්සේ එන ආබාධ ඒ කියන්නේ ඔය කෑම දිරවන එක මේදය තැන්පත් වෙන එකට නියම උත්තරයක් මේ චීන කෑම අතරේ තියෙනවා.ඒ තමයි “චයිනීස් ටී ” තමන් ‍ළඟට එන ඕනෑම පාරිභෝගිකයෙකුට ආහාර අරගෙන අවසන් වෙලා ආපහු යනකල් ඕන තරම් “චයිනිස් ටී” නොමිලේ දෙන්න SHANDONG අවන්හල ලෑස්තියි. ලංකාවේ තියෙන ගොඩාක් චීන අවන්හල් වල මේ “චයිනීස් ටී” එක වෙනම ඕඩර් කරලා ගේන්න ඕන.ඒනට එයාලා වෙනම අය කරනවා.

ඩෙන්සිල් කෝ මහතා තවත් විශේෂත්වයක් ගැන කියයි‍
“මෙතන තියෙන අනිත් දේ තමයි අපි හැම මාස දෙකකටම සැරයක් චීනයෙන් ගෙන්වා ගන්නවා නියම චීන කුළුබඩු, සහ ආහාර වලට අවශ්‍ය දේවල්.තව ඊට අමතරව සෝස් වර්ග වගේ දේවල්.ඒ නියම චීන කුළුබඩු සහ අමුද්‍රව්‍ය පාවිච්චි කළේ නැති වුනාම නියම රස ගන්න අමාරුයි. එහෙම රස ගන්න නම් කෘත්‍රිම රසකාරක පාවිච්චි කරන්න වෙනවා. මෙතන අපේ තියෙන විශේෂත්වය තමයි කිසිම අවස්ථාවක කෘත්‍රිම රසකාරකයක් පාවිච්චි නොකරන එක. ඕනම කෙනෙකුට අපේ කුස්සිය දිහා බැලුවොත් බලා ගන්න පුළුවන් ඒක මොකද අපි කුස්සිය ඕපන් එකේ තියලා තියෙන්නේ විශාල වීදුරු කවුලුවකින් ආවරණය වෙලා තියෙන නිසා ඕනම පාරිභෝගිකයෙකුට කෑම ඇනවුම් කරලා තමන්ගේ කෑම හැදෙන හැටි බලන්න පුළුවන්.ඒ වගේම ඒවා මොන තරම් පිරිසුදුවට හැදෙනවාද,ඉක්මනට හැදෙනවාද කියන එක නිරීක්ෂනය කරන්න පුළුවන්.“

අනිත් කාරණාව තමයි අපි නිතරම කෑම හදන්න ගන්නේ නැවුම් දේවල්. විශේෂයෙන් චීන කෑම රස වෙන්නේ අළුත්ම මස් මාළු සහ එළවළු යොදාගත්තාම. මේ නිසා දිනපතාම අපි මස් මාළු එළවලු මිලට ගන්නවා. මේකත් අපේ කෑම රස වෙන්න හේතුවක්.

ඇත්තටම SHANDONG එකේ අහස උසට ගිය මිළගණන් නෑ. සාමාන්‍යයෙන් දරාගන්න පුළුවන් මිළ ගණන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කෑම කන්න එන අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට වෙන වෙනම කෑම ගන්න කාමර පහසුකම් මෙතන තියෙනවා.තව කැමති නම් එළියෙදි ආහාර ගන්නත් හොඳ එළිමහනක් හදලා තියෙනවා. තව take away පහසුකම් වගේම Delivary service එකකුත් තියෙනවා.  මේ වෙබ් සයිට් ඒකෙන් ගිහින්  කෑම වර්ග ගැන විස්තර කියවන්න පුලුවන් https://shandongchinesekitchen.lk/ ඒහෙම කියවලා  0117 882 882  කියන අංකයට කථා කරලා ඕඩර් කරන්න පුළුවන්. තියෙනවා. ස්ටේප්ලර් කටු පාවිච්චි නොකර හදපු අසුරණ වල තමයි මෙතනින් කෑම දාලා දෙන්නේ.


Explore Videos

Cities you must explore this summer



Add Your Comment





scsdc 2020-06-08 23:54:50
sdcsd
scsdc 2020-06-08 23:54:50
sdcsd

Recent Places

Popular exclusive listings in our directory


පුංචි කැලේ ලස්සන නිවාඩුවක්

කොළඹ කිට්ටුවම තියෙන නිදහසේ පරාදීසය

කොළඹ තියෙන විනෝද උයන

කටට රහට කන්න තැනක්


Location



Address

Sri Jayawardenepura Mawatha,
Sri Jayawardenepura Kotte

Phone

0117 882 882

Website

https://shandongchinesekitchen.lk/





     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy